ඉන්දු – ලංකා ගිවිසුමේ ඇති රටට අහිතකර හා මතභේදයට තුඩුදෙන කිසිදු වගන්තියක් ක්‍රියාත්මක නොකිරීමට රජය තීරණය කර ඇත. මේ බව දැනටමත් ඉන්දීය බලධාරීන් වෙත දන්වා ඇතැයි රජයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් “දිවයින ඉරිදා සංග්‍රහය” ට පැවැසීය.
ඉන්දු – ලංකා ගිවිසුම සම්පූර්ණයෙන් ම ක්‍රියාවට නංවා රටේ අනවශ්‍ය අර්බුදයක් ඇති කිරීමට බටහිර රටවල්, රාජ්‍ය නොවන සංවිධාන සහ දෙමළ ජාතික සන්ධානය දැඩි උත්සාහයක නිරතව සිටීම නිසා මෙම තීරණය ගත් බව එම ප්‍රකාශකයා පැවැසීය.
දශක ගණනාවක් පැවැති යුද්ධය නිම කරමින් ජීවිත පරිත්‍යාගයෙන් ලබාගත් සාමය ඉන්දු – ලංකා ගිවිසුම සම්පූර්ණයෙන් ක්‍රියාවට නැංවීමෙන් යළි අහිමි වීමේ අනතුරක් පවතින බව එම ප්‍රකාශකයා පවසයි.
මෙම ඉන්දු – ලංකා ගිවිසුම යළි පණ ගැන්වීමට එකඟ වුවහොත් උතුරේ යුද හමුදා සේනාංක කඳවුරුවල පමණක් රඳවා තැබීමට සිදුවන අතර විමර්ශන ක්‍රියාවල යෙදවීමට නොහැකි වේ.
ඉන්දු – ලංකා ගිවිසුමේ ප්‍රකාර කොටි සංවිධානය නිරායුධ කරන බවට ප්රතිඥ දුන්නත් එය ඉටු කර නැතැයිද එම නීති විශාරදයා පළ කළේය.
රජය මේ ගිවිසුම ගැන ජාත්‍යන්තර නීති විශාරදයන් කණ්ඩායමකගෙන් අදහස් විමසා ඇති අතර ඔවුන්ගේ මතය වී ඇත්තේ එකී ගිවිසුම ඉන්දියාව විසින් පොරොන්දු ඉටු නොකිරීම නිසා බිඳ වැටී ඇති බවයි. (කීර්ති වර්ණකුලසූරිය)
Source: Divaina (Sri Lanka)