බුද්ධගයා ප්‍රහාරයට ඉන්දීය මුජහිඩීන් ක්‍රියාකාරිකයා දැලේ

බුද්ධගයාවේ බෝම්බ පිපිරීම්වලට සම්බන්ධ බවට සැකකරන ඉන්දීය මුජහිඩීන් සංවිධානයේ ක්‍රියාකාරිකයකු වන අන්වර් හුසේන් මලික්‌ නමැත්තා ඉන්දීය විශේෂ කාර්ය බළකාය විසින් කොල්කටා නගරයේ බස්‌ නැවතුම්පළකදී අත්අඩංගුවට ගෙන ඇත.

මොහු අත්අඩංගුවට ගනු ලැබූ අවස්‌ථාවේ පුපුරණ ද්‍රව්‍ය තොගයක්‌ හා ව්‍යාජ ඉන්දීය මුදල් නෝට්‌ටුද ඔහු සතුව තිබී හමුවී ඇත.

ඉන්දීය මුජහිඩීන් සංවිධානය තමන්ට පුපුරණ ද්‍රව්‍ය සැපයූ බව ඔහු හෙළිකර ඇත.

මේ අතර බිහාර් රාජ්‍ය සංචාරක සංස්‌ථාවේ කළමනාකරු අඡේ කුෂ්යප පැවසුවේ බුද්ධගයාවට එන සංචාරක පිරිස තම වන්දනා ගමන් අවලංගු කර ඇති බවයි. (කීර්ති වර්ණකුලසූරිය)

Source: Divaina (Sri Lanka)