අනුරාධපුර රාජධානියේ ශ්‍රී විභූතිය විදහා දැක්වෙන පරිදි හා වනාන්තර සංරක්ෂණයට මුල්තැන දෙමින් ශ්‍රී ලංකාවේ වන උයනක ඉදිවුණු ප්‍රථම පාරිසරික සංචාරක හෝටලය අද (13 දා) පස්වරුවේ අනුරාධපුරයේ දී ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතින් විවෘත කෙරේ.
අනුරාධපුර – පුත්තලම මාර්ගයේ 38 කණුව අන්දරවැව ප්‍රදේශයේ අක්කර 50 ක වනාන්තරයක ඉදිව ඇති මෙය ෆොරස්ට් රොක් ගාර්ඩ්න් රිසෝර්ට් ලෙස නම්කර තිබේ.
පරිසර හිතකාමී සංචාරක හෝටල් සංකල්පය යටතේ ඉදිවූ නූතනම සංචාරක අවන්හල මෙය වන අතර මෙහි හිමිකරු සහ නිර්මාණකරු වන්නේද පී. චන්ද්‍රසිරි නමැති ගෘහ නිර්මාණ ශිල්පියාය.
රුපියල් බිලියන 625 ක ආයෝජනයෙන් ඉදිකර ඇති මෙය වන උයනකින් පොහොසත් පැරැණි අනුරාධපුර රාජධානියේ සිරි මවයි.
Source: Divaina (Sri Lanka)