ලබන වසරේ මාර්තු මස පැවැත්වෙන ජිනීවා මානව හිමිකම් සමුළුව වෙත ශ්‍රී ලංකාවට එරෙහි සාවද්‍ය චෝදනා එල්ල කර තවත් යෝජනාවක් ඉදිරිපත් කිරීමේ රහසිගත වැඩපිළිවෙළක් දියත් වී ඇත. මේ යෝජනාවට අවශ්‍ය මූලික කටයුතු සැළසුම් කිරීම සඳහා බ්‍රිතාන්‍ය ද්‍රවිඩ සංසදයේ කණ්ඩායමක් ජිනීවා නුවරට පැමිණ බටහිර රටවල තානාපතිවරු හමුවී සාකච්ඡා කිරීම ආරම්භ කර තිබේ.
කොටි හිතවාදි බ්‍රිතාන්‍ය මන්ත්‍රීවරු හය දෙනකුද ඊට සහාය වන බවත් ඔවුන් විසින් පසුගිය 12 දා බ්‍රිතාන්‍ය අගමැති ඩේවිඩ් කැමරන් වෙත යෑවූ සන්දේශයකින් මේ අලුත් යෝජනාව ගැන හෙළිවී ඇත.
මෙකී යෝජනාවේ අඩංගු කර ඇත්තේ ශ්‍රී ලංකාවට එරෙහිව යුධ අපරාධ කිරීම් සම්බන්ධයෙන් අන්තර්ජාතික විමර්ශනයක් පැවැත්විය යුතු බවයි.
ශ්‍රී ලංකාවට එරෙහි රටක් විසින් මේ 3 වැනි යෝජනාව ඉදිරිපත් කෙරෙන බව ජිනීවා ආරංචි මාර්ග දක්වයි.
එකී යෝජනාවට සහයවීමක් ලෙස ඇමනෙස්ට් ඉන්ටර්නැෂනල් – හියුමන් රයිට්ස් වොච්, ලෝයර්ස් රයිට්ස් වොච් ඉන්ටර්නැෂනල් සර්විසස් ෙµda හියුමන් රයිට්ස් වොච් සහ ලිබරේසන් නමැති විදේශ රාජ්‍ය නොවන සංවිධාන පසුගිය බදාදා 24 වැනි මානව හිමිකම් සැසිවාරය අමතමින් ශ්‍රී ලංකාව යුද අපරාධ සිදුකර ඇති බවත් බරපතළ ලෙසින් මානව හිමිකම් උල්ලංඝනය කර ඇති බවත් පවසා ඇත.
මේ අතර කොළඹදී මානව හිමිකම් කොමසාරිස් නවිපිල්ලේ වෙත ලබාදුන් වාර්තාවේ ඝාතනය වූ බවට දක්වා ඇති මාධ්‍යවේදීන් 22 දෙනා කොටි ත්රස්තවාදීන් යයි සනාථ කිරීමට වාර්තාවක් මානව හිමිකම් සැසිවාරය වෙත යොමුකිරීමට ශ්‍රී ලංකා රජය තීරණය කර තිබේ.
ඊට අදාළ ත්රස්තවාදීහු විසිදෙදෙනාගේ සියලු තොරතුරු මීට ඇතුළත් වේ.
විදෙස්ගත කොටි විරෝධීන්ද ඒ සඳහා රජයට සහාය වී ඇත.
Source: Divaina (Sri Lanka)