Ghost train reaches Ratmalana

A train engine, which was at the Demtagoda Railway Yard had automatically started at around 1.45 am today and preceded without a driver before it was stopped between Ratmalana and Mt. Lavinia, railway authorities said.

They said, no one was injured in the incident and the train engine is parked at the Ratmalana railway station now.

Meanwhile, the driver and assistant of the train engine have been interdicted with immediate effect and three-member technical team has been appointed to investigate into the incident by the Railway Department.A team of three officials of the Sri Lanka Railways has started investigations in to the runaway train.

The locomotive had no faults, General Manager of Railways B.A.P. Ariyaratne said after the initial investigations.(Rekha Tharangani)

Source: Daily Mirror (Sri Lanka)
දෙමටගොඩ සිට රත්මලානට
නියමුවකු නැතිව යකඩ යකා ඉබේ දුවයි

දෙමටගොඩ දුම්රිය ධාවන බලාගාරයට අයත් වයි ක්‌ලාස්‌ වර්ගයේ ෂන්ටින් දුම්රිය එන්ජිමක්‌ ඊයේ (05 දා) අලුයම 1.45 ට පමණ දෙමටගොඩ සිට රත්මලාන බලා නියමුවකු නොමැතිව ධාවනය වී ඇත. පසුව දෙහිවල සහ රත්මලාන අතරදී දුම්රිය තාක්‍ෂණ ශිල්පියකු දුම්රිය එන්ජිමට නැග නවත්වාගෙන ඇත.

භාණ්‌ඩ එහා මෙහා ප්‍රවාහනය කෙරෙන මෙම ෂන්ටින් දුම්රිය ඊයේ රාත්‍රියේ එහි රියෑදුරු විසින් පණගන්වා ඉන් බැස ගොස්‌ තිබේ. පසුව එය තිරිංග වලින් මිදී මඳ වේගයෙන් දෙමටගොඩ සිට මරදාන කොටුව, කොල්ලුපිටිය, බම්බලපිටිය, දෙහිවල, වැල්ලවත්ත යන දුම්රිය ස්‌ථාන ද පසුකොට ඉදිරියට ධාවනය වී ඇත.

මෙලෙස අනපේක්‍ෂිත ලෙස මැදියම් රැයේ දුම්රියක්‌ ධාවනය වන සංඥ දුටු දුම්රිය පාලක මැදිරිය එයට නිරුපද්‍රිතව රත්මලාන දුම්රිය අංගනය වෙත ගමන් කිරීමට ඉඩ සලසමින් වහාම දුම්රිය නැවැත්වීමට අදාළ අංශ වෙත දන්වා ඇත.

පසුව දුම්රිය දෙපාර්තමේන්තුවේ ගිලන් රථයකින් ගිය දුම්රිය නිලධාරීන් දුම්රිය වෙත නැග එය නවත්වා ගෙන ඇත. ෂන්ටින් වර්ගයේ 686 දරන මෙම දුම්රිය වෙනත් මගී දුම්රිය මෙන් වේගයෙන් ධාවනය නොවන අතර දුම්රිය නවත්වා ගන්නා විට පැයට කිලෝමීටර් 05-10 ත් අතර වේගයකින් ධාවනය වෙමින් තිබී ඇත.

කෙසේ වෙතත් එම දුම්රිය ස්‌වයංක්‍රීයව ගමන් කිරීමෙන් කිසිවකුට හානියක්‌ සිදුවී නොමැති වුවද මරදානේ පිහිටි දුම්රිය පීලි මාරුකරන සීරු මාරුවකට පමණක්‌ හානි සිදුවී ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙක්‌ zදිවයිනZට පැවසීය.

සිද්ධිය සම්බන්ධව තාක්‍ෂණික පරීක්‍ෂණයක්‌ ආරම්භ කර ඇති බවද එම දුම්රියේ සේවයේ නිරත වූ රියෑදුරුගේ සහ සේවකයකුගේ වැඩ තාවකාලිකව තහනම් කළ බවද දුම්රිය ගමනාගමන අධිකාරි එල්. ඒ. අයි. රත්නායක මහතා පැවසීය. දුම්රිය නවත්වා ගැනීමෙන් පසුව එය ඉන් ඉදිරියේ පිහිටා ඇති රත්මලාන දුම්රිය අංගනය වෙත ගෙන ගොස්‌ ඇත.

මෙවැනි සිදුවීමක්‌ මෙරට දුම්රිය ඉතිහාසයේ සිදුව ඇත්තේ දෙවැනි වරටයි. මීට පෙර දුම්රියක්‌ මෙලෙස මරදානේ සිට පානදුර තෙක්‌ ධාවනය වී ඇතැයි දුම්රිය ප්‍රකාශකයෙක්‌ කීය.

Source: Divaina (Sri Lanka)