ජිනීවා මානව හිමිකම් සමුළුවට කොපමණ යෝජනා ඉදිරිපත් කළත් උතුරේ සිටින 10000 ක භට සේනාව කිසි ලෙසකින්වත් ඉවත් නොකිරීමට රජය තීරණය කර ඇත.
බ්‍රිතාන්‍යය කැනඩාව සහ ඇමරිකාව විසින් ඉදිරිපත් කිරීමට නියමිතව ඇත්තේ උතුරේ යුද හමුදාව ඉවත්කර ගත යුතුයි යන ඉල්ලීම ප්රමුඛ යෝජනාවක් බව රජයට වාර්තාවී තිබේ. මේ කිසිදු බටහිර රටක් සමග අපේ ආරක්ෂාව ගැන එකඟතාවකට නොඑන බව රජයේ ඉහළ පෙළේ ආරංචි මාර්ග ඊයේ (2 දා) පැවැසීය.
බටහිර තානාපතිවරු කිහිප දෙනකු ඉදිරි කාලය තුළ යාපනයට ගොස් උතුරේ හමුදාව රැඳී සිටීම ගැන නිරීක්ෂණය කිරීමට සැලසුම් කර ඇති බවද රජයට වාර්තාවී ඇත. එහි මුල් පියවරක් ලෙස දකුණු අප්‍රිකානු තානාපති ජියෝප්රි ඩියොඩ් යාපනයට ගොස් ඇත.
කීර්ති වර්ණකුලසූරිය
Source: Divaina (Sri Lanka)