ජිනීවා මානව හිමිකම් රැස්වීමේදී ඇමරිකාව විසින් ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරිපත් කිරීමට යන යෝජනාවට සහාය ලබා ගැනීමට මෙරට බ්‍රිතාන්‍ය මහ කොමාසරිස්වරයා සහ ඇමරිකානු තානාපතිනිය ඉකුත් සතියේ නවදිල්ලියේදී හා නිව්යෝක්හිදී මානව හිමිකම් කවුන්සිලයේ සාමාජික රටවල තානාපතිවරුන් සහ රාජ්‍ය තාන්ත්‍රිකයන් හමු වී සාකච්ඡා පවත්වා ඇතැයි තානාපති ආරංචි මාර්ග කියයි.
ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහකොමසාරිස් ජෝන් රැන්කින් මහතා පසුගිය සතියේ නවදිල්ලියට ගොස් ශ්‍රී ලංකාවේ තානාපති කාර්යාල නොමැති මානව හිමිකම් සමුළුවේ සාමාජිකකත්වය හිමි රටවල තානාපතිවරුන් හමුවී ඇමරිකානු යෝජනාව සම්මත කර ගැනීම සඳහා සහාය දෙන්නැයි ඉල්ල ඉල්ලා තිබේ.
මේ අතර ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපතිනිය මිචෙල් ඡේ සීසන් මහත්මියද ඉකුත් සතියේ නිව්යෝක්හිදී සාමාජික රටවල තානාපති නිලධාරීන් හා රාජ්‍ය තාන්ත්‍රිකයන් මුණගැසී සාකච්ඡා කොට ඇත.
විදේශ කටයුතු ඇමැති මහාචාර්ය ජී.එල්. පීරිස් මහතාද පසුගියදා නවදිල්ලියට ගොස් එහි සිටින විදේශ තානාපතිවරුන් හමුවී ඇමරිකානු යෝජනාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ ස්ථාවරය පැහැදිලි කළේය. ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතාද ඉකුත්දා නිව්යෝක් නුවරට ගොස් එරට රාජ්‍ය තාන්ත්‍රිකයන්ට කරුණු පැහැදිලිs කළේය.
Source: Divaina (Sri Lanka)
