“ශ්‍රී ලංකාවට එරෙහි ඇමෙරිකානු යෝජනාවලට ඉන්දීය රජය පක්‍ෂ විය යුතුයි” කරුණානිධිගෙන් තර්ජන!

‘එසේ නොකළොත් අපි රජයෙන් අස්‌වෙනවා’

ඉන්දීය පුවත්

එක්‌සත් ජාතීන්ගේ මානව හිමිsකම් සමුළුවේදී ඇමෙරිකාව විසින් ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරිපත් කර ඇති යෝජනාවට පක්‍ෂව ඉන්දීය රජය ඡන්දය පාවිච්චි කළ යුතු බවත් එසේ නොකළහොත් තම පක්‍ෂය ඉන්දීය රජයෙන් ඉවත්වන බවටත් තමිල්නාඩු හිටපු මහ ඇමැති සහ ඩී. එම්. කේ. පක්‍ෂ නායක කරුණානිධි ඊයේ (19 වැනිදා) දකුණු ඉන්දියාවේ පැවැති මාධ්‍ය හමුවේදී රජයට තර්ජනය කොට ඇත.

එසේම තම පක්‍ෂය නියෝජනය කරමින් මධ්‍යම රජයේ සිටින ඇමැතිවරු පස්‌දෙනා රජයෙන් ඉල්ලා අස්‌වන බවට ද කරුණානිධි පවසා ඇත.

ජිනීවාහිදී හෙට (21 වැනිදා) පැවැත්වෙන ශ්‍රී ලංකාවට එරෙහි යෝජනාව සම්බන්ධව ඡන්ද විමසීමේදී ඊට පක්‍ෂව ඡන්දය පාවිච්චි කිරීමට අගමැති මන්මෝහන් සිං මහතා පියවර ගත යුතු බවට ඔහු යෝජනා කර තිබේ.

ශ්‍රී ලංකාව විසින් ද්‍රවිඩ ජනතාවට එරෙහිව ගනු ලැබූ පියවර සම්බන්ධව පූර්ණ පරීක්‍ෂණයක්‌ පැවැත්විය යුතු යෑයි යෝජනා කරන බවට ඉන්දීය කොංග්‍රස්‌ පක්‍ෂයේ සභාපතිනි සෝනියා ගාන්ධි මහත්මිය තමාට පොරොන්දු වූ බවත් ඒ අනුව එම සමුළුවේදී ශ්‍රී ලංකාවට එරෙහිව යුද අපරාධ සම්බන්ධව එල්ල වී ඇති චෝදනා පරීක්‍ෂා කිරීමට ජාත්‍යන්තර නිරීක්‍ෂණ කමිටුවක්‌ පත්කිරීමටත් ද්‍රවිඩ ජනතාවට එරෙහිව ශ්‍රී ලංකාව ක්‍රියා කළ බවට පිළිගත යුතු බව ප්‍රකාශ කරන ලෙස ශ්‍රී ලංකා රජයට බලපෑම් කළයුතු බවටත් ඉන්දීය රජයට තමා යෝජනා කර ඇතැයි ද හෙතෙම මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කර ඇත.

මේ සම්බන්ධව ඉන්දීය රජයේ ආරක්‍ෂක ඇමැති ඒ. කේ. ඇන්තනි, මුදල් ඇමැති පී. සිදම්බරම් සහ සෞඛ්‍ය ඇමති ගුලාමි නබි අසාද් යන මහත්වරුන් සමඟ කරුණානිධි සාකච්ඡාවක්‌ පවත්වා ඇති අතර එම සාකච්ඡාවේදී ද ඔහු මෙම යෝජනා ඉදිරිපත් කර තිබේ.

ඩී. එම්. කේ. පක්‍ෂයේ මන්ත්‍රීවරු 18 දෙනෙක්‌ ඉන්දීය ලෝක්‌ සභාව නියෝජනය කරති.

කරුණානිධිගෙන් තර්ජන·

ජිනීවාහිදී හෙට (21 වැනිදා) පැවැත්වෙන ශ්‍රී ලංකාවට එරෙහි යෝජනාව සම්බන්ධව ඡන්ද විමසීමේදී ඊට පක්‍ෂව ඡන්දය පාවිච්චි කිරීමට අගමැති මන්මෝහන් සිං මහතා පියවර ගත යුතු බවට ඔහු යෝජනා කර තිබේ.

ශ්‍රී ලංකාව විසින් ද්‍රවිඩ ජනතාවට එරෙහිව ගනු ලැබූ පියවර සම්බන්ධව පූර්ණ පරීක්‍ෂණයක්‌ පැවැත්විය යුතු යෑයි යෝජනා කරන බවට ඉන්දීය කොංග්‍රස්‌ පක්‍ෂයේ සභාපතිනි සෝනියා ගාන්ධි මහත්මිය තමාට පොරොන්දු වූ බවත් ඒ අනුව එම සමුළුවේදී ශ්‍රී ලංකාවට එරෙහිව යුද අපරාධ සම්බන්ධව එල්ල වී ඇති චෝදනා පරීක්‍ෂා කිරීමට ජාත්‍යන්තර නිරීක්‍ෂණ කමිටුවක්‌ පත්කිරීමටත් ද්‍රවිඩ ජනතාවට එරෙහිව ශ්‍රී ලංකාව ක්‍රියා කළ බවට පිළිගත යුතු බව ප්‍රකාශ කරන ලෙස ශ්‍රී ලංකා රජයට බලපෑම් කළයුතු බවටත් ඉන්දීය රජයට තමා යෝජනා කර ඇතැයි ද හෙතෙම මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කර ඇත.

මේ සම්බන්ධව ඉන්දීය රජයේ ආරක්‍ෂක ඇමැති ඒ. කේ. ඇන්තනි, මුදල් ඇමැති පී. සිදම්බරම් සහ සෞඛ්‍ය ඇමති ගුලාමි නබි අසාද් යන මහත්වරුන් සමඟ කරුණානිධි සාකච්ඡාවක්‌ පවත්වා ඇති අතර එම සාකච්ඡාවේදී ද ඔහු මෙම යෝජනා ඉදිරිපත් කර තිබේ.

ඩී. එම්. කේ. පක්‍ෂයේ මන්ත්‍රීවරු 18 දෙනෙක්‌ ඉන්දීය ලෝaක්‌ සභාව නියෝජනය කරති.

Source: Divaina (Sri Lanka)