රුපියල් මිලියන 1970 ක වියදමින් ඉදිකරන ලද මඩකලපුව නව කල්ලඩි පාලම අද (22) පස්වරුවේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනතා අයිතියට පත් කිරීමට නියමිත බව වරාය හා මහාමාර්ග ව්‍යාපෘති ඇමැති නිර්මල කොතලාවල මහතා ප්‍රකාශ කළේය.
මංතීරු දෙකකින් සමන්විත නව පාලම දිගින් මීටර් 288.35 ක් ද පළල මීටර් 15 කි. මීටර් 1.5 බැගින් වූ පාපැදි මංතීරු දෙකකින්ද සමන්විත වේ.
පාලම ඉදිකිරීමට වැය කෙරුණු මුදලින් රුපියල් මිලියන 1640 ක් ජපන් ජාත්‍යන්තර සහයෝගිතා අරමුදලින් ද රුපියල් මිලියන 330 ක් දේශීය අරමුදලින් ද වැය කර ඇති බව ව්‍යාපෘති ඇමැති නිර්මල කොතලාවල මහතා සඳහන් කළේය.
ඉංගී්රසි පාලන යුගයේ ඉදිකරන ලද දීර්ඝ කාලයක් අබලන්ව පැවැති ඒ 4 මාර්ගයේ පැරැණි කල්ලඩි පාලමට සමාන්තරව නව පාලම ඉදිකර ඇත.(අනුර බාලසූරිය)
Source: Divaina (Sri Lanka)