ඉන්දියාවේ පැවැත්වෙන අයි. පී. එල්. තරගාවලියට ඇරයුම් ලැබුණත් ඊට සහභාගි නොවීමට 20රැවිස්ස නායක දිනේෂ් චන්දිමාල් තීරණය කර ඇත.
දිනේෂ් චන්දිමාල් පූනේ වොරියර්ස් කණ්ඩායමට තෝරාගෙන තිබිණි. අයි. පී. එල්. තරගාවලිය සඳහා ශ්රී ලංකා ක්රිකට් ක්රීඩකයන් 13 දෙනකු තෝරාගෙන තිබූ අතර ඒ අතර චන්දිමාල්ගේ නම නොතිබිණි.
ඕස්ටේ්රලියානු නායක මයිකල් ක්ලාක් ආබාධයක් නිසා පූනේ වොරියර්ස් කණ්ඩායමෙන් ඉවත්වීම නිසා එම පුරප්පාඩුව පිරවීමට දිනේෂ් චන්දිමාල්ට ආරාධනා කර තිබිණි. එමෙන්ම දිල්ලි ඩෙයාර් ඩෙවිල්ස් කණ්ඩායමෙන්ද චන්දිමාල්ට ආරාධනා කර තිබිණි. එහෙත් මේ ආරාධනය ශ්රී ලංකා 20- 20 කණ්ඩායමේ නායකයා විසින් ප්රතක්ෂේප කර ඇත.
මෙවර පැවැත්වෙන්නේ හයවැනි අයි. පී. එල්. තරගාවලියයි.(චතුර පමුණුව)
Source: Daily Mirror (Sri Lanka)