දිනක් වයසැති බිලිsඳියක හැටන් – කොළඹ ප්‍රධාන මාර්ගයේ වටවල සිංහල විද්‍යාලය අසල බෝක්කුවක් යට දමා සිටියදී ඊයේ (01 වැනිදා) උදෑසන 7.40 ට පමණ වටවල පොලිසියේ නිලධාරීන් විසින් සොයාගෙන වටවල දිසා රෝහලට භාරදී ඇත.
මෙම බිලිඳිය සොයා ගන්නා අවස්ථාවේ දැඩි කුසගින්නේ පසුවී ඇති බව පවසන රෝහල් වෛද්‍යවරු රෝහලේ වෙනත් නේවාසික මවකගෙන් කිරි ලබාදීමට කටයුතු කළ බවත් ඉතා හොඳින් වැඩී ඇති බිලිsඳිය යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බවත් කියා සිටියි.
වටවල සිංහල විද්‍යාලය අසල රාජකාරී කටයුතුවල නිරතව සිටි පොලිස් නිලධාරිවරයාට ඊයේ උදෑසන බිලිsඳියකගේ හැඬුම් ශබ්දයක් ඇසී අසල පිහිටි බෝක්කුවක් යට පරීක්ෂා කිරීමේදී රෙදි කඩකින් ඔතා දමා සිටි මෙම බිලිඳිය සොයාගත් බව වටවල පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ආනන්දසිරි මහතා පවසයි.
මෙම දැරියගේ මව සොයා වටවල පොලිසිය පුළුල් පරීක්ෂණයක් ආරම්භ කර ඇත.(ගාමිණී බණ්ඩාර ඉලංගන්තිලක)
Source: Divaina (Sri Lanka)