ලන්ඩනයේ අවුරුදු

කොහා නැති උනත් සීතල අධික උනත් එංගලන්තයේ ජීවත්වන සිංහලයන්හට සිංහල අවුරුද්ද නම් කිසිකාලයකවත් අමතක වන්නේ නැත. මේ අවුරුද්දේත් එංගලන්තය පුරාම පිහිටුවා ඇති ශ්‍රී ලාංකික බෞද්ධ විහාරථාන  සහ සංස්කෘතික සංවිධානයන්ගේ මුලිකත්වයෙන් අප්‍රේල් මාසය පුරාම සිංහල අවුරුදු උත්සව ගණනාවක් ම සංවිධානයවී ඇත්තේ ශ්‍රී ලාංකිකයින් තුල ඇති මෙම අනුපමය ගුණය නිසාය. අපේ අය කොහේ හිටියත් සිතින් ජීවත්වන්නේ තම මවු රටේය යන කියමන මේ මාසයේ එංගලන්තයට අවොත්නම් හොඳින්ම දැක බලාගත හැකි වනු ඇත. (තිස්ස මඩවල)

Source: Lankadeepa (Sri Lanka)