කුරුණෑගල ශික්ෂණ රෝහලේ අංක 01 වාට්ටුව ඩෙංගු රෝගීන්ගෙන් පිරී ගොස් ඇති ආකාරය ඊයේ (22 දා) එම රෝහලට ගිය අපට දැකගත හැකි විය.
මෙම රෝගය සඳහා ඇති එකම ප්‍රතිකාරය ඇඳ විවේකය බැව් වෛද්‍යවරුන් පවසතත් රෝගීන් සංඛ්‍යාව ඉහළ යැම නිසා එක ඇඳේ රෝගීන් දෙදෙනකු බැගින් සිටින අයුරුද දැකගත හැකිවිය.
2013 වසරේ මාර්තු 30 දා වන විට කුරුණෑගල දිස්ත්‍රික්කයේ හත් දෙනකු ඩෙංගු රෝගයෙන් මියගොස් ඇති අතර වාර්තා වී ඇති රෝගීන්ගේ සංඛ්‍යාව 1240 ක් බැව් කුරුණෑගල දිස්ත්‍රික් වාහක රෝග අංශය පවසයි.
කුරුණෑගල, නාරම්මල සහ රිදීගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලින් දෙදෙනකු බැගින්ද, පන්නල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ එක් අයෙකුද ඩෙංගු රෝගයෙන් මියගොස් තිබේ. දැනට ඇද හැලෙන වර්ෂාවත් සමග ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව තවත් ඉහළ යා හැකි බවට සෞඛ්‍ය අංශ අනතුරු අඟවයි.(ගොකරැල්ල – රණවීර මනුකුලසූරිය)
Source: Divaina (Sri Lanka)