2012 වසරේ ජුනි මාසයේ මකාවෝ රාජ්‍යයේ පැවැති ආසියානු ඔලිම්පික් කමිටු නියෝජිතයන්ගේ සැසියකදී හම්බන්තොට සත්කාරකත්වය ආසියානු ඔලිම්පික් කමිටු සභාපතිවරයා විසින් ශ්‍රී ලංකා ජාතික ඔලිම්පික් කමිටු සභාපතිවරයාට පැවරූ අවස්ථාව.
ශ්‍රී ලංකාව, ආසියාවේ ක්‍රීඩා කේන්ද්‍රස්ථානය බවට පත්කිරීමේ අරමුණින් ලබන 2017 වසරේ හම්බන්තොට නගරය කේන්ද්‍ර කොටගෙන පැවැත්වීමට තීරණය කොට ඇති 3 වැනි ආසියානු යොවුන් ක්‍රීඩා උළෙල සම්බන්ධව මේ වන විට සිදුවී ඇති මන්දගාමී පූර්ව සංවිධාන කටයුතු කෙරෙහි ආසියානු ඔලිම්පික් කවුන්සිලයේ දැඩි අප්‍රසාදය පළ වී ඇති බව ‘දිවයින’ ට වාර්තා වෙයි.
ආසියාවේ ප්‍රබල රටවල් තුනක් වන මලයාසියාව, ඉන්දුනීසියාව සහ වියට්නාමය විසින් යෝජිත 3 වැනි ආසියානු යොවුන් ක්‍රීඩා උළෙලේ සත්කාරකත්වය අපේක්ෂා කළ නමුදු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්රමුඛ ශ්‍රී ලංකා රජය සහ ජාතික ඔලිම්පික් කමිටුව විසින් ඒකාබද්ධව කරන ලද ඉල්ලීමකට ප්‍රතිචාර දක්වමින් අදාළ ක්‍රීඩා උළෙලේ සත්කාරකත්වය ශ්‍රී ලංකාවට පැවරීමට ආසියානු ඔලිම්පික් කවුන්සලය ඉකුත් 2012 ජුනි මාසයේ මකාවෝ රාජ්‍යයේ පැවැති විශේෂ සැසියකදී තීරණය කරනු ලැබිණ.
අදාළ සත්කාරකත්වය ලැබීමෙන් අනතුරුව 3 වැනි ආසියානු යොවුන් ක්‍රීඩා උළෙල ඉලක්ක කොටගෙන හම්බන්තොට නගරය ක්‍රීඩා සම්පත්වලින් පරිපූර්ණ කිරීම සඳහා ප්‍රභූ මෙහෙයුම් කමිටුවක්ද ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ මැදිහත්වීම මත පත්කරන ලදී. ක්‍රීඩා ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ, විදේශ රැකියා සහ සුබ සාධන කටයුතු ඇමැති ඩිලාන් පෙරේරා හම්බන්තොට පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ යන දේශපාලඥයන් සහ ශ්‍රී ලංකා ජාතික ඔලිම්පික් කමිටුවේ සභාපති හේමසිරි ප්‍රනාන්දු ජනාධිපති උපදේශක ප්‍රේමා පින්නවල යන මහත්වරුන් එම කමිටුවේ සාමාජිකයෝ වෙති.
දැඩි විශ්වාසය මත මුඩු බිමක් ඉලක්ක කොටගෙන, ශ්‍රී ලංකාවට සත්කාරකත්වය පැවරූ 3 වැනි ආසියානු යොවුන් ක්‍රීඩා උළෙලේ පූර්ව සංවිධාන කටයුතු කෙරෙහි කිසිදු අයුරකින් සෑහීමකට පත්විය නොහැකි බව ආසියානු ඔලිම්පික් කමිටුවේ සභාපති ෂෙයික් µහාබ් අල් සභා මහතා පෙරේදා (12 දා) ශ්‍රී ලංකා ජාතික ඔලිම්පික් කමිටුවට ලිත අනතුරු අඟවා ඇත.
දකුණු ආසියානු ක්‍රීඩා උළෙල දෙවරක් (1991 සහ 2006) සංවිධානය කිරීමෙන් පසු ශ්‍රී ලංකාවට පැවරූ දැවැන්තම ක්‍රීඩා උළෙල සංවිධානය මෙය වන අතර ආසියාවේ රටවල් 45 ක ක්‍රීඩක ක්‍රීඩිකාවන් 5000 කට ආසන්න පිරිසක් 3 වැනි ආසියානු යොවුන් ක්‍රීඩා උළෙලට සහභාගිවීම සඳහා හම්බන්තොට නගරයට පැමිණීමට යෝජිතය. මෙම ක්‍රීඩා උළෙලට ක්‍රීඩා ඉසව් 16 ක් ඇතුළත් කිරීමටද නියමිතය.
අදාළ ක්‍රීඩා උළෙල ඉලක්ක කොටගෙන හම්බන්තොට ක්‍රීඩාංගණ ඉදිකිරීම හා සංවර්ධනය කිරීම සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 300 ක පමණ මුදලක් වැය වෙතැයි ඇස්තමේන්තු කොට ඇතත් එහි සංවර්ධන කටයුතු තවමත් ඇත්තේ පොත පතට සහ සැලසුම්වලට පමණක් සීමාවී තිබීම ආසියානු ඔලිම්පික් කවුන්සිලයේ මවිතයට හේතු වී ඇතැයි සඳහන් වේ.
2017 වසරට යෝජිත 3 වැනි ආසියානු යොවුන් ක්‍රීඩා උළෙලට පූර්ව සූදානම සහ ක්‍රීඩාංගණ සංවර්ධනය සම්බන්ධව ආසියානු ඔලිම්පික් කමිටු සභාපතිවරයා පළකොට ඇති අප්‍රසාදය සම්බන්ධව ඊයේ (23 දා) zදිවයිනZ කළ විමසුමකදී එවැනි ලිපියක් ආසියානු ඔලිම්පික් සභාපතිවරයාගෙන් තමන් වෙත ලැබී ඇති බව ශ්‍රී ලංකා ජාතික ඔලිම්පික් කමිටුවේ සභාපති හේමසිරි ප්‍රනාන්දු මහතා සනාථ කළේය.
තමා ඒ සම්බන්ධව වගකිව යුත්තන් දැනුවත් කරන බවද ප්‍රනාන්දු මහතා වැඩිදුරටත් පැවසීය.
ආසියානු යොවුන් ක්‍රීඩා උළෙල ප්‍රථම වරට සත්කාරකත්වය 2009 වසරේ සිංගප්පූරුවට හිමිවූ අතර එහි සාර්ථකත්වය මත 2010 වසරේදී ප්‍රථම යොවුන් ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ සත්කාරකත්වයද සිංගප්පූරුවට හිමිවිය. [සුසිල් ප්‍රේමලාල්]
Source: Divaina (Sri Lanka)