ගෝල්aඩන් කී තැන්පත්කරුවන්ගේ ගෙවීම් සඳහා වත්කම් පවරා ගැනීමේ කාර්යසාධක බළකාය විසින් එම ව්‍යාපාරයේ හිමිකාරියක වූ සිසිලි කොතලාවල මහත්මියට අයත් බම්බලපිටිය ෙµdන්සේකා පාරේ පිහිටි රුපියල් කෝටි පනහකට අධික වටිනාකමකින් යුතු ඉඩමක් ඊයේ (04 වැනිදා) සවස පවරා ගනු ලැබීය.
ගෝල්ඩන් කී ව්‍යාපාරය වසා දැමීම නිසා අසාධාරණයට ලක්වූ තැන්පත්කරුවන්ට වන්දි ගෙවීමට එම ව්‍යාපාරයේ හිමිකරුවන්ගේ වත්කම් පවරා ගැනීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මෙම බළකාය පත් කර ඇත.
සෙලින්කෝ සමූහ ව්‍යාපාරයේ අධිපති ලලිත් කොතලාවල මහතාගේ බිරිඳ වන සිසිලි කොතලාවල මහත්මිය මේ වන විට විදෙස් ගතව සැඟවී සිටින අතර ඇය අත්අඩංගුවට ගැනීම සඳහා මෙරට පොලිසිය ජාත්‍යන්තර පොලිසියේ සහාය ද ලබා ගෙන තිබේ.
පවරා ගත් ඉඩමේ වටිනාකම රුපියල් කෝටි පනහකට අධික වුවත් එහි නිශ්චිත වටිනාකම තවම තක්සේරු කර නොමැත. (හේමන්ත රන්දුණු)
Source: Divaina (Sri Lanka)