ශූරයන්ගේ කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ඊයේ (20 දා) පැවැති දෙවැනි අවසන් පූර්ව තරගයේ ශ්‍රී ලංකා ඉනිමේ අවසන් පන්දුවාරය ක්‍රියාත්මක වන අතරතුරදී කොටි කොඩි හා විරෝධතා පුවරු රැගත් කොටි හිතවාදීහු පස් දෙනෙක් ක්‍රීඩා පිටියට කඩා වැදුණහ.
නමුත් රූපවාහිනී තිරයේ පෙනුනේ දෙදෙනකු පමණි. ශ්‍රී ලංකාවට විරෝධය පෑම මොවුනගේ උත්සාහය වූ නමුත් ඔවුන් ගෙන ආ විරෝධතා පුවරු සම්බන්ධව ජාත්‍යන්තර මාධ්‍ය එතරම් අවධානයක් යොමු නොකිරීම නිසා අරමුණ අසාර්ථක විණි.
සිද්ධිය සම්බන්ධයෙන් වේල්ස්හි පොලිසිය මගින් අත්අඩංගුවට ගන්නා ලද එල්.ටී.ටී.ඊ. හිතවාදීන් පස් දෙනාට පවුම් දහස බැගින් දඩ නියම කර ඇත. (අසේල විතාන)
Source: Divaina (Sri Lanka)
Image courtesy of Divaina (Sri Lanka)