මම මින් ඉදිරියට නීති විරෝධී වැඩක් කරන්නේ නැහැ යෑයි පුරා වසරක් වවුනියාවේ පුනරුත්ථාපනය ලැබූ කොටි සංවිධානයේ හිටපු දේශපාලන අංශ නායිකා තමිලිනී පෙරේදා (26දා) නිදහස්වීමට පෙර සතුටු කඳුලින් හමුදා නිලධාරීන්ට ප්‍රකාශ කළාය.
තමිලනී පරන්තන් නිවසට රැගෙන යැම සඳහා ඇගේ මවත් සොහොයුරියත් පැමිණ සිටියහ.
සර්, මම අනාගතයේදී විවාහ වෙලා හොඳ ජීවිතයක් ගත කරනවා. පසුගිය අතීතය මම අමතක කර දැම්මා. මගේ නංගිගේ දරු දෙදෙනා සමග සතුටින් ජීවත් වෙනවා. අනවශ්‍ය දේවල් ඔළුවට ඇතුල් කර ගන්නේ නැහැ. අනාගතයේදී හොඳ පවුල් ජීවිතයක් ගත කරලා සමාජයට කැපවීමෙන් සේවය කරනවා.
පසුගිය වසර තුළ මම භාවනා කළා. දැන් මම යහපත් ජීවිතයක් ගත කරනවා. මා ලැබූ පුනරුත්ථාපනයේදී ආරක්ෂක හමුදාව ඉතාමත් සහෝදර ලීලාවෙන් යුතුව මාව සමාජයට ගත්තා. එයට හමුදාවට ස්තූතිකරනවා. යෑයිද ඇය කියා සිටියාය.
Source: Divaina (Sri Lanka)