උතුරු පළාත් සභා මැතිවරණය සඳහා ජුලි 6 වැනිදා පැවැත්වෙන රජයේ නාම යෝජනා මණ්ඩලයට ඉදිරිපත්වී ඇති අපේක්ෂකයන් 52 අතර කොටි සංවිධානයේ හිටපු ක්‍රියාකාරීන් වූ තමිලිනී, දයා මාස්ටර් හා කේ. පී. හෙවත් කුමාරන් පද්මනාදන් ද වෙති.
මොවුන් අධිකරණයකින් දඬුවම් ලබා නැති නිසා ඔවුන්ටද සිය නාම යෝජනා ඉදිරිපත් කිරීම පිණිස එදින නාමයෝජනා මණ්ඩලය වෙත පැමිණෙන ලෙස දන්වා ඇතැයි රජයේ ඉහළ පෙළේ ආරංචි මාර්ග පළ කළේය.
තමිලිනී කොටි කාන්තා බළකායේ හිටපු නායිකාව වන අතර දයා මාස්ටර් හිටපු කොටි මාධ්‍ය ප්‍රකාශක හා කේ. පී. කොටි ජාත්‍යන්තර ආයුධ ජාලයේ හිටපු ප්‍රධානියා වෙයි.
ද්‍රවිඩ සන්ධානයේ හිටපු මන්ත්රීවරයෙක්ද අපේක්ෂකත්වය ඉල්ලා සිටින පිරිස අතර සිටී.
මේ හැර ඊපීඩීපී පක්ෂයද සිය අපේක්ෂකයන් නාමයෝජනා මණ්ඩලයට නම්කර ඇත.
මේ අතර උතුරු පළාත් සභා මැතිවණය සඳහා මැතිවරණ ප්‍රතිපත්ති මාලාව සකස් කිරීමට දයා මාස්ටර් සහ ඊපීඩීපී නායක ඩග්ලස් දේවානන්දාට භාරවී ඇත.
මෙම පළාත් සභා මැතිවරණය සඳහා මහ ඇමැති ලෙස මෙතෙක් කිසිවකුගේ නම යෝජනා වී නැතැයිද එම ආරංචි මාර්ග කියා සිටියේය.
මේ අතර ද්‍රවිඩ සන්ධානය විසින් මාවයි සේනාධිරාජා මහ ඇමැති ධුරය සඳහා නම්කර ඇත. (කීර්ති වර්ණකුලසූරිය)
Source: Divaina (Sri Lanka)