විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා දින තුනක සංචාරයක් සඳහා බ්‍රිතාන්‍යය බලා පිටත් වීමට නියමිතය.
මෙම සංචාරයේදී වික්‍රමසිංහ මහතා බ්‍රිතාන්‍ය විදේශ ඇමැති විලියම් හේග්, පොදු රාජ්‍ය මණ්ඩලීය සංගමයේ ලේකම් කමරේඡ් ෂර්මා යන මහත්වරුන් මුණගැසීමට නියමිත අතර, එවැනි තවත් රාජ්‍ය තාන්ත්‍රික හමුවීම් කිහිපයකට ද සහභාගි වනු ඇත.
විපක්ෂ නායකවරයා ලබන 22 හෝ 23 යන දිනයන්හිදී මෙරටින් පිටත් වීමට දැනට සැලසුම් කොට ඇතැයි විපක්ෂ නායක කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් දිවයිනට පැවැසීය. (අකිත පෙරේරා)
Source: Divaina (Sri Lanka)