Home » News »

‘කැසිනෝ හොඳයි මාත් ගැහුවා’ – එස්‌.බී.

 

කැසිනෝවලට විරුද්ධව එක එක උදවිය කියන කතා, අදහස්‌ උදහස්‌වලටත් තැනක්‌ දෙන්න ඕනෑ.

කැසිනෝ ක්‍රීඩාව ගැන එක එක උදවිය එක එක කතා කිව්වත් එය හොඳ සූදුවක්‌. මේ වසරේ මුල් භාගයේදී ඇමරිකාවේ කැසිනෝ පුරයේදී මාත් කැසිනෝ ගැහුවා යෑයි උසස්‌ අධ්‍යාපන ඇමැති එස්‌. බී. දිසානායක මහතා “දිවයින”ට ඊයේ (23 දා) පැවැසීය. ඇමැතිවරයා ඒ පිළිබඳව අදහස්‌ දක්‌වමින් මෙසේද පැවැසීය

“අපේ මිනිස්‌සු කැසිනෝ ක්‍රීඩාවට හුඟාක්‌ කලබල වෙලා. ඔවුන් එක එක මත ඉදිරිපත් කරනවා. මම ඇමරිකාවේදී කැසිනෝ ගැහුවේ වරකට ඩොලර් දෙක ගණනේ.”
“හැබැයි කැසිනෝ එකේ වැඩ කරන කෙල්ලෝ මට කිව්වා ඩොලර් එකසිය හතළිහ ගණනේ ඔට්‌ටු දාන්න කියලා. ඒ ගැටවලට මම අහුවුණේ නැහැ.”

“කැසිනෝ සූදු ක්‍රීඩාව ශ්‍රී ලංකාවේත් පවත්වාගෙන යන එක හොඳයි. විදේශිකයන් අප රටට ඇවිල්ලා රුපියල් කෝටි ගණන් මුදල් මේ සඳහා වියදම් කරනවා. ඒක කොච්චර හොඳ වැඩක්‌ද? අපේ ශ්‍රී ලාංකිකයෝ වුණත් ඒකට ගියාදෙන්.

කැසිනෝවලට විරුද්ධව එක එක උදවිය කියන කතා, අදහස්‌ උදහස්‌වලටත් අපි තැනක්‌ දෙන්න ඕනෑ.
“ශ්‍රී ලංකාවේ උදවියට පමණක්‌ කැසිනෝ තහනම් කිරීමේ වරදක්‌ නැහැ.”

Source: Divaina (Sri Lanka)