නොවැම්බර් 14 වැනි දින ශ්‍රී ලංකාවේ ජනතාව සාමකාමී, විනිවිද පෙනෙන, තරඟකාරී සහ හොඳින් සංවිධානය වූ පාර්ලිමේන්තු මැතිවරණවලදී ඡන්දය ප්‍රකාශ කරමින් ප්රජාතන්ත්රවාදය සඳහා ඔවුන්ගේ කැපවීම යළිත් ප්‍රදර්ශනය කළහ. තිරසාර ආර්ථික ප්‍රකෘතියක්, ඇතුළත් වර්ධනයක් සහ ප්රතිසන්ධානයක් සඳහා ශ්‍රී ලංකාවේ රජය සහ ජනතාව සමඟ අඛණ්ඩව කටයුතු කිරීමට යුරෝපා සංගමය අපේක්ෂා කරයි.
ශ්‍රී ලංකා මැතිවරණ කොමිසමේ ආරාධනයෙන් පසුව, ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තු මැතිවරණ ක්‍රියාවලියේ තාක්ෂණික අංශ තක්සේරු කිරීමට සහ ඉදිරි මැතිවරණ සඳහා නිර්දේශ ඉදිරිපත් කිරීමට යුරෝපා සංගමය විසින් මැතිවරණ විශේෂඥ මෙහෙයුමක් (EEM) යෙදවීය. EEM හි සොයාගැනීම් ශ්‍රී ලංකාවේ බලධාරීන්ගේ ආරාධනයෙන් ජනාධිපතිවරණය සඳහා මේ වසරේ අගෝස්තු සහ ඔක්තෝබර් අතර යෙදවූ යුරෝපා සංගම මැතිවරණ නිරීක්ෂණ මෙහෙයුමේ (EOM) විශ්ලේෂණය සහ සොයාගැනීම් මත ගොඩනැගේ.
මෙම දූත මණ්ඩල යෙදවීම ප්රජාතන්ත්රවාදය සඳහා අපගේ ඒකාබද්ධ කැපවීම සහ අප බෙදාහදා ගන්නා වටිනාකම් පිළිබඳ සාක්ෂියකි. ස්ථාවර, සමෘද්ධිමත් සහ සාමකාමී අනාගතයක් ගොඩනැගීමට සහ අපගේ වෙළඳ හා ආයෝජන සබඳතා තවදුරටත් පුළුල් කිරීමට ඉලක්ක කර ගනිමින් අවශ්‍ය ප්‍රතිසංස්කරණ සඳහා සහය දැක්වීම සඳහා අපි රජය සමඟ අපගේ සම්බන්ධතාවය දිගටම කරගෙන යන්නෙමු.
Source: EUROPEAN UNION WEBSITES (EEAS)