රට අභ්‍යන්තරයේ මෙන්ම බාහිර වශයෙන්ද වසන් කළයුතු කිසිවක් ශ්‍රී ලංකාවේ නොමැති හෙයින් කිසිවෙකුටත් බිය වියයුතු නැතැයි රජය අවධාරණය කරයි. ඒ නිසාම ශ්‍රී ලංකාවේ සංචාරය කිරීම සඳහා ජගත් මානව හිමිකම් කවුන්සලය කර ඇති ඉල්ලීම සම්බන්ධයෙන් සුබවාදී ප්‍රතිචාරයක් දැක්වීමට සූදානම් බවද විදේශ කටයුතු අමාත්‍යංශයේ ලේකම් කරුණාතිලක අමුණුගම මහතා දිනමිණ ට පැවසීය.
මේ සඳහා ශ්‍රී ලංකාවෙන් ඉල්ලීමක් කර තිබෙන බවද එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් නවනීදන් පිල්ලේගේ උපදෙස් මත එක් නියෝජිතයෙකු මෙරටට පැමිණීමට නියමිත බවද හෙතෙම සඳහන් කළේය.
මෙලෙස මානව හිමිකම් සම්බන්ධයෙන් නියෝජිතයෙකු ශ්‍රී ලංකාවට පැමිණියද ඔහුගේ හෝ ඇයගේ න්‍යාය පත්‍රය ශ්‍රී ලංකාවට අවශ්‍ය පරිදි සකස් කරන බව සහන් කළ ලේකම්වරයා ඒ සම්බන්ධයෙන් අවශ්‍ය නම් දෙපාර්ශවය අතර සාකච්ඡා කළ හැකි බවද පෙන්වා දුන්නේය.
කුමන නියෝජිතයෙකු ශ්‍රී ලංකාවට පැමිණියද ශ්‍රී ලංකා රජයේ ස්ථාවරය සම්බන්ධයෙන් කිසිදු වෙනසක් නොමැති බවද සුපුරුදු පරිදි ශ්‍රී ලංකාව ක්‍රියාත්මක වන බවද ලේකම්වරයා සදහන් කළේය. පසුගිය දිනවල එක්සත් ජාතින්ගේ සංවිධානයේ මෙන්ම විවිධ රටවල නියෝජිත කණ්ඩායම් ශ්‍රී ලංකාවට පැමිණි බවද ඔවුන්ට ශ්‍රී ලංකාවේ යහපත් වාතාවරණය සම්බන්ධයෙන් අවබෝධ කරදීමට හැකිවී තිබෙන බවද පැවැසූ කරුණාතිලක අමුනුගම මහතා එවැනි නියෝජිත කණ්ඩායම් වෙත සියයට 80 ටත් වැඩි ප්‍රමානයක් හිතකර තොරතුරු ලැබෙන බවද කීවේය.
ශ්‍රී ලංකාව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමාජික රටක් වහයෙන් සුපුරුදු ලෙස කටයුතු කරන බව සදහන් කළ ඒ මහතා එම සංවිධානය සමග ශ්‍රී ලංකාව විවිධ ගැටළු පවතින බවට ඇතැමුන් ප්‍රචාරයන් ගෙනයන බවද එවැනි තත්ත්වයක් කිසිවිටෙකත් නොමැති බවද පෙන්වා දුන්නේය.
මහින්ද අලුත්ගෙදර
Source: Dinamina (Sri Lanka)