සිවිල් ගුවන් සේවා අධිකාරිය රජයේ අනුමතයකින් තොරව ස්ථාවර තැන්පතු සහ භාණ්ඩාගාර බිල්පත්වලින් ආයෝජනය කර ඇති මුදල් වහාම ලබා දෙන්නැයි මහා භාණ්ඩාගාරය එම අධිකාරියට නියෝග කර තිබේ.
භාණ්ඩාගාර දෙපාර්තමේන්තුව අද (28) මේ නියෝගය ලිඛිතව දැනුම් දීමට පියවර ගත් බව එහි ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් “දිනමිණ” ට පැවසීය.
සිවිල් ගුවන් සේවා අධිකාරිය රුපියල් මිලියන හයසියයකට ආසන්න මුදලක් (593,732,847) ස්ථාවර තැන්පතු සහ භාණ්ඩාගාර බිල්පත්වල ආයෝජනය කර තිබේ. ප්‍රධාන ගණන් දීමේ නිලධාරියා ලෙස අමාත්‍යාංශ ලේකම්වරයා භාණ්ඩාගාර අනුමත යකින් තොරව කවර හෝ මුදලක් ආයෝජනය කිරීමට පියවර නොගන්නා ලෙස අංකMCA/AC/F02/COPE -2011 හා 2012 – 02 – 13 දිනැති ලිපියෙන් සිවිල් ගුවන් සේවා අධිකාරියේ අධ්යක්ෂ ජෙනරාල්වරයාට දැනුම් දී තිබේ.
සිවිල් ගුවන් සේවා අධිකාරියේ අධ්යක්ෂ ජනරාල්වරයාගේ අංක DG/1/3 – 12 හා 2012 – 03 – 02 දිනැති ලිපියෙන් එම උපදෙස් පිළිබඳ එකඟ නොවන බව ද ලේකම්වරයා වෙත දැනුම් දී තිබිණි.
සියලු රාජ්‍ය සංස්ථා අනුගමනය කරන පොදු කරුණක් පිළිපදින ලෙසට ප්‍රධාන ගණන්දීමේ නිලධාරියා ලෙස අමාත්‍යාංශ ලේකම්වරයා දෙන උපදෙස් පිළිගැනීමට පවා එකඟ නොවන බව දන්වමින් ප්‍රධාන ගණන් දීමේ නිලධාරියාගේ නියෝග ක්‍රියාත්මක නොකිරීමට තරම් අධ්යක්ෂ ජනරාල්වරයා බලවත් වී ඇත්තේ කෙසේද යන්න හා අත්තනෝමතික ලෙස කටයුතු කිරීමට තරම් අධ්යක්ෂ ජනරාල්වරයාට ලැබී ඇති බලය කුමක්ද? යන්න විගණනයට දන්වන ලෙස ද දැනුම් දී ඇත.
මීට පෙර අවස්ථා ගණනාවකදී ම සිවිල් ගුවන් සේවා අධිකාරියට භාණ්ඩාගාරය වෙත ලබා දිය යුතු ආදායම් ලබා දෙන ලෙසට දැනුම් දී තිබුණි.
එහෙත් ඒ ඉල්ලීම් නොතකා හැර ඇත.
සිවිල් ගුවන් සේවා අධිකාරිය රජයේ අවසරයකින් තොරව පවත්වාගෙන ගිය මේ ස්ථාවර තැන්පතු සහ භාණ්ඩාගාර බිල්පත් ආයෝජනය කිරීමෙන් රුපියල් මිලියන තුන්සියයක පමණ අමතර ආදායමක් ද උපයා ඇත.
සිවිල් ගුවන්සේවා අධිකාරියේ වෙනසක් වියයුතුයැයි ඊයේ (27) පළවූ වාර්තාවේ විගණනය යෝජනා කරයි. යන්න වෘත්තීය සමිති යෝජනා කරයි යනුවෙන් සදහන් විය යුතු වෙයි.
විජයානි එදිරිසිංහ
Source: දිනමිණ (Sri Lanka)