විදෙස්‌ පුහුණුව ලැබූ විශේෂඥ වෛද්‍යවරුන්ගෙන් බහුතරය රට හැර යැමේ ප්‍රවණතාවක්‌

විදෙස්‌ගතවී විශේෂඥ වෛද්‍ය පුහුණුව ලබා නැවත මෙරට පැමිණෙනුයේ වෛද්‍යවරුන් 150 දෙනෙකු පමණක්‌ බවත් ඒ පිරිසෙන් ද බහුතරය ඔවුනට ලැබෙන අඩු වැටුප් තල හා පහසුකම් හේතුවෙන් නැවත විදෙස්‌ ගතවන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

වාර්ෂිකව මෙරට වෛද්‍යවරුන් 200 දෙනකු පමණ විශේෂඥ වෛද්‍ය පුහුණුව සඳහා විදේශගත වන අතර එම පුහුණුව අවසානයේ නැවත මෙරට පැමිණෙනුයේ වෛද්‍යවරුන් 150 දෙනකු පමණ බව වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය මහතා පවසයි. මේ අනුව වෛද්‍යවරුන් 50 දෙනකු පමණ විශේෂඥ වෛද්‍ය පුහුණුවෙන් පසු විදේශීය රටවල රැඳී සිටින බව අනාවරණය වී තිබේ.

මෙසේ විශේෂඥ වෛද්‍ය පුහුණුව ලැබූ වෛද්‍යවරුන් විශාල වශයෙන් රට හැර යැම නිසා ළමා රෝග, මානසික හා ස්‌නායු වැනි අංශ ගණනාවක විශේෂඥ වෛද්‍යවරුන්ගේ උග්‍ර හිඟයක්‌ පවතින බව වෛද්‍ය පාදෙනිය කීවේය.

Source: Divaina (Sri Lanka)