Home » News »

මුස්‌ලිම් කොංග්‍රසයෙන් රජයට කොන්දේසි

 

නැගෙනහිර පළාත් සභාවේ එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයට බලය පිහිටුවීම සඳහා සහාය ලබාදීමට ශ්‍රී ලංකා මුස්‌ලිම් කොංග්‍රසය විසින් ආණ්‌ඩුවට කොන්දේසි මාලාවක්‌ ඉදිරිපත් කර තිsබේ. නැගෙනහිර පළාත් ඇමැති මණ්‌ඩලයේ ඇමැති ධුර දෙකක්‌ කොංග්‍රසයට ලබාදීම, සන්ධානයට හිමි ප්‍රසාද මන්ත්‍රී ධුරයක්‌ කොංග්‍රසයට ලබාදීම, මධ්‍යම ආණ්‌ඩුවෙන් එක්‌ ඇමැති ධුරයක්‌ හා නියෝජ්‍ය ඇමැති ධුරයක්‌ හෝ නියෝජ්‍ය ඇමැති ධුර 03 ක්‌ කොංග්‍රසයට ලබා දීම ප්‍රධාන කොන්දේසි අතර වන බව එම පක්‍ෂ ආරංචි මාර්ග පවසයි.

මෙයට අමතරව බලය බෙදා හැරීමේදී අනුගමනය කළ යුතු කරුණු ද රජයට ඉදිරිපත් කර ඇතැයි වාර්තා වේ.

මේ කොන්දේසි සන්ධානයේ නියෝජිතයන්ට ඉදිරිපත් කර ඇතැයිද ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා සමග සාකච්ඡා කිරීමෙන් පසුව අවසන් එකඟතාවකට පැමිණීමට නියමිත බවද වාර්තා වෙයි.

මෙම කොන්දේසි පිළිබඳව පක්‍ෂයේ නැගෙනහිර පළාත් නියෝaaaජිතයන් දැනුවත් කර ඇති අතර ඊයේ රාත්‍රි පක්‍ෂයේ උත්තරීතර මණ්‌ඩලයට ඉදිරිපත් කිරීමටද නියමිතව තිබිණි.

මේ අතර දෙමළ ජාතික සන්ධානයට සහාය ලබාදී මහ ඇමැති ධුරය ලබා ගත යුතු බවට පක්‍ෂයේම තවත් පිරිසක්‌ යෝජනා කර ඇතැයි වාර්තා වේ.

රනිල් ධර්මසේන

Source: Divaina (Sri Lanka)