Home » News »

’18’ සම්මත කර ගැනීමෙන් මෙරට ප්‍රජාතන්ත්‍රවාදය අහෝසි වුණා

 

ශ්‍රී ලංකාව තුළ ප්‍රජාතන්ත්‍රවාදය ස්‌ථාපිත කර ඇතැයි ජනාධිපතිවරයා ජාත්‍යන්තරයට ප්‍රකාශ කළද 18 වැනි ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව සම්මත කර ගැනීම නිසා මෙරට ප්‍රජාතන්ත්‍රවාදය සම්පූර්ණයෙන්ම අහෝසි වූ බව ගම්පහ දිස්‌ත්‍රික්‌ එක්‌සත් ජාතික පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රුවන් විජේවර්ධන මහතා ඊයේ (13 වැනිදා) පැවැසීය.

එම 18 වැනි ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව ගෙන ඒමට කටයුතු කළ ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාම මෙරට ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳව කතා කිරීම පුදුම සහගත බවත් අද රට තුළ ප්‍රජාතන්ත්‍රවාදය සහ නීතිය වල් වැදී ඇති අතර ආණ්‌ඩු පක්‍ෂයට වෙනම නීතියකුත්, විපක්‍ෂයට සහ රටේ ජනතාවට වෙනම නීතියකුත් ක්‍රියාත්මක වන බවද හෙතෙම කීය.

වත්මන් රජය මෙරට තුළ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවට කැලෑ නීතිය ස්‌ථාපිත කොට ඇති බවත් විපක්‍ෂ නායක කාර්යාලයේදී ඊයේ (13 දා) පැවැති මාධ්‍ය හමුවේදී පැවසූ රුවන් විඡේවර්ධන මහතා අද ජනතාව ඉදිරිපිට ඇත්තේ අවනීතිය, දූෂණය, වංචාව වැනි දේවල් බවද කියා සිටියේය.

අකිත පෙරේරා
Source: Divaina (Sri Lanka)