එල්.ටී.ටී.ඊ. සංවිධානයේ ත්රස්තවාදී ක්රියාවලට සම්බන්ධව සිට මානුෂීය මෙහෙයුමේදී රජයට භාරවූ දක්ෂතම වෙඩික්කරුවන් තිදෙනෙකු ජාතික වෙඩි තැබීමේ සංචිතයට තෝරා ගෙන ඇත.
පුනරුත්ථාපනය වන එල්.ටී.ටී.ඊ. සාමාජිකයන් 135ක් අතුරින් ජාතික වෙඩි තැබීමේ සංචිතයට තෝරාගෙන ඇත්තේ කේ. රජීවන්, ටී. තවෙන්තිරන් හා සෙල්ලමුත්තු පුෂ්පකුමාර් යන තිදෙනාය.
ලබන වසේර ඉන්දියාවේ පැවැත්වෙන දකුණු ආසියානු ක්රීඩා උලෙළේදී ශ්රී ලංකාව නියෝජනය කරමින් තරග වැදීමට මේ ක්රීඩකයන් තිදෙනා යොදා ගන්නා බව ක්රීඩා ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ මහතා දිනමිණට පැවසීය.
ප්රින්ස් ගුණසේකර
Source: Dinamina (Sri Lanka)