ජිනීවාහි ආරම්භ වූ මානව හිමිකම් සමාලෝචන සමුළුවේදී ඇමරිකානු තානාපති අයිරින් ඩෙනතෝ මෙරට ජාතික ආරක්ෂාවට අදාළ කරුණු ගැන ද නිර්දේශ ඉදිරිපත් කර ඇත.
උතුරේ හමුදා කඳවුරු තවදුරටත් පවත්වාගෙන යන බවත් සඳහන් කර ඇති ඇය රාජ්‍ය නොවන සංවිධාන ගැන නිරීක්ෂණය කිරීම සිවිල් ආයතනවලට පැවැරීම, යුද අපරාධ චෝදනා ගැන ක්‍රියාකිරීම ජාත්‍යන්තර යාන්ත්රණයකට පැවරීම හා බලය විමධ්‍යගත කිරීම යන කරුණු ඉටු කළ යුතු බව තවදුරටත් පසවා තිබේ.
අගවිනිසුරු ශිරානි බණ්ඩාරනායක මහත්මියට එරෙහි දෝෂාභියෝග යෝජනාවද ඇමරිකානු තානාපතිනිය විසින් විවේචනයට ලක් කරනු ලැබ ඇත.
මෙම සමුළුවේදී ශ්‍රී ලංකාවට එරෙහිව ඇමරිකාවට අමතරව ප්‍රංශය, කැනඩාව, බ්‍රිතාන්‍ය යන රටවල් රාජ්‍ය නොවන සංවිධාන සැපයූ සාවාද්‍ය තොරතුරු මත චෝදනා නගා තිබේ.
කීර්ති වර්ණකුලසූරිය
Source: Divaina (Sri Lanka)