ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර තරග පහකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ මහනුවර පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේදී පැවැත්වනු තෙවැනි තරඟයෙන් කඩුලු 07 ජයක් ශ්‍රී ලංකා පිලට හිමිවිය.
මෙම තරඟය වර්ෂාව හේතුවෙන් ඉනිමක් ඕවර 33 කට සීමා වූ අතර ශ්‍රී ලංකා පිල ජයග්‍රහණය සඳහා ඩක්වත් ලූවිස් න්‍යායට අනුව ලකුණු 197 ක් රැස්කළ යුතුව තිබිනි.
මුලින්ම පන්දුවට පහර දුන් නවසීලන්ත පිල පන්දුවාර 33 අවසාන්යේදි කඩුලු 06 දැවි ලකුණු 188 ලබා ගත්තේය.
පිලිතුරු වශයෙන් පිටියට පැමිණි ශ්‍රී ලංකා පිල පන්දුවාර 31 තුල ලකුණු 200 රුස්කර ගත්තේය. වේගවත් පිති හරඹයක නියලුනු තිලකරත්න ඩිල්ෂාන් පන්දු 95 කින් ලකුණු 102 ලබා ගත්තේය. ඔහුට අනගි සහයක් ලබා දුන් ඇන්ජලෝ මැතිවිස් නොදැවි ලකුණු 54 ලබා ගත්තේය.
මොවුන් දෙදෙනා එක්ව හතරවන කඩුල්ල සදහා ලකුණු ලකුණු 127 අනගි සමිබන්ධතාවක් පැවැත්වුයේය. තරඟයේ වීරයා ලෙස තිලකරත්න ඩිල්ෂාන්ට හිමිවිය. තරඟ පහකින් සමන්විත තරඟාවලියේ තරඟ 2 -0 ලෙස ශ්‍රී ලංකා පිල ඉදිරියෙන් සිටී.
නවසීලන්තය ඕවර 33 කදී කඩුලූ 6 ට 188 – බ්රැඩ්ලි වොට්ලිං නොදැවී 96, බ්‍රෙන්ඩන් මැකලම් 13, ජේම්ස් ෆ්රෑන්ක්ලින් 26, නේතන් මැකලම් නොදැවී 22, ජීවන් මෙන්ඩිස් 34/2
ශ්‍රී ලංකාව ඕවර 33 කදී කඩුලූ 3 ට 200 – තිලකරත්න ඩිල්ෂාන් නොදැවී 102, ඇන්ජලෝ මැතිවිස් නොදැවි 54, කුමාර සංගක්කාර 15, කයිල් මිල්ස් 35/1, නෙදන් මැකලන් 28/1
Source: Dinamina (Sri Lanka)