කිංස්බරි වස් බණ පොත එළි දකී

ලන්ඩනයේ ශ්‍රී  සද්ධාතිස්ස බෞද්ධ මධ්‍යස්ථානයේ වස් තුන් මාසයේ පැවත් වූ ධර්ම දේශනා එකතුව පොතක් ලෙස මුද්‍රණය කර  ඇත. විද‍‍යෝද්‍ය පිරිවෙනෙහි නේපාලයේ තිස්ස හිමියන්ගේ අදහසක් අනුව මෙම ධර්ම ග්‍රන්ථය ආචාර්ය හාන්දුපැල්පොළ  මහින්ද නා හිමියන් විසින් සංස්කරණය කැරිණි.

ආචාර්ය ඌරුගමුවේ වංගීස, කහටරුප්පේ වජිර හා නේපාලයේ  තිස්ස හිමි, කේ.ඩී. අනුරුද්ධ ජයවර්ධන, විමලසිරි පෙරේරා, සඳලි නමිමුනි ආරචිචි මෙනවිය ද පොත මුද්‍රණයට සහාය වූහ.

නේපාලයේ තිස්ස හිමියෝ එහි මුල් පිටපත ලන්ඩනයේ ශ්‍රී ලංකා නියෝජ්‍ය මහ කොමසාරිස් නෙවිල්  ද සිල්වා මහාතාට පිරිනැමූහ. ගලයායේ පියදස්සි ප්‍රධාන සංඝනායක හිමි, බෞද්ධ හා පාලි විශ්ව විද්‍යාලයේ හිටපු උපකුලපති අකරැටියේ නන්ද හිමි,  හිටපු මහ කොමසාරිස් චන්ද්‍රා මොනරවිල, ලංකා බැංකුවේ සෙනරත් බණ්ඩාර  මහත්වරු විශේෂ දේශන පැවත් වූහ.

Source: Lanka Deepa (Sri Lanka)