තංගල්ල වෑ මැඩිල්ල නිවාඩු නිකේතනයක පසුගිය දා බ්‍රිතාන්‍ය ජාතික ඉසෙඩ් සහීර් (32) ඝාතනය කර ඇගේ පෙම්වතියවූ රුසියා ජාතික වික්ටෝරියා ඇලෙක්සැන්ඩර්ට බරපතල තුවාල කළැයි සැකපිට රිමාන්ඩ් බාරයේ සිටි තංගල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති සම්පත් චන්ද්‍රගුප්ත ඇතුළු අට දෙනාට රුපියල් පනස් දහසක මුදල් හා රුපියල් ලක්ෂ පහ බැගින් ශරීර ඇප තුනක් මත මුදා හරින ලෙස තංගල්ල මහාධිකරණ විනිසුරු ලලිත් විජේසේකර මහතා නියෝග කෙළේය.
ප්‍රදිප් චතුරංග, ලහිරු කුලුම්, සම්පත් දේශප්‍රිය, එම් සරත් නොහොත් සහන්, චානුක චතුරංග, නුවන් චින්තක හා නදීර ශ්‍යාමන් සෙසු සැකකුරුවෝය.
සෑම මසකම පළමු හා තුන්වැනි ඉරිදා පෙරවරු 9 -12 අතර තංගල්ල පොලිසියේ පෙනී සිටින ලෙසත් සාකකරුවනට කිසිදු බලපෑමක් නොකරන ලෙසත් ඔවුන් සිටින පළාතට නොයන ලෙසත් මහේස්ත්‍රාත් ඔවුන්ට නියෝග කෙළේය.
Source: Lanka Deepa (Sri Lanka)