එක්සත් ජාතික පක්ෂයේ 58 වැනි වාර්ෂික සමුළුව අද (01 වැනිදා) පෙරවරු 9.30 ට පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිරිකොත මූලස්ථානයේදී පැවැත්වෙයි.
පක්ෂ සාමාජිකයන් 5800 දෙනකු ආරාධනා ලැබ තිබෙන එජාප මෙවර සමුළුවේදී පක්ෂ නායකත්වය වසර හයකින් දීර්ඝ කළ යුතු බවට වන ව්‍යවස්ථා සංශෝධනය සහ පක්ෂයේ ඉදිරි ගමන්මග පිළිබඳ කියෑවෙන “රැඩිකල් දේශපාලන වැඩපිළිවෙළ” සම්මත කර ගැනීමට ඉදිරිපත් කිරීමට නියමිතය.
සම්මේලනය සඳහා පැමිණෙන නියෝජිතයන් පෙරවරු 9.30 ට පෙර සමුළු භූමිය වෙත පැමිණිය යුතු බවත් එවිට සමුළු භූමිය සඳහා පැමිණීමට නිකුත් කර ඇති අවසර පත්‍රය පැළඳ සිටීම අනිවාර්ය බවත් පක්ෂ මහලේකම් තිස්ස අත්තනායක මහතා පැවසීය.
එම නියෝජිතයන් සඳහා වෙන් කර ඇති කලාපයන්හි රැඳී සිටිය යුතු බව ද ආරාධනා ලැබූ නියෝජිතයන් හඳුනා ගැනීsමට විශේෂ ක්‍රමවේදයක් අනුගමනය කර ඇති බව ද ඒ මහතා කීය.
කෙසේ වෙතත් පක්ෂ නායකත්වය වසර හයකින් දීර්ඝ කිරීමේ යෝජනාවට විරුද්ධව එජාප නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් ඡන්දය ප්‍රකාශ කිරීමටද අදහස් කර ඇති බව වාර්තා වෙයි.
මේ අතර පසුගියදා හයිඩ් පිටියේ පැවැති එක්සත් භික්ෂු පෙරමුණේ රැලියට සහභාගි වූ පාලිත රංගෙ බණ්ඩාර, පාලිත තෙවරප්පෙරුම, අශෝක අබේසිංහ යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට සහ ශිරාල් ලක්තිලක සහ මෛත්‍රී ගුණරත්න යන පළාත් සභා මන්ත්‍රීවරුන්ට සමුළුව තහනම් කර තිබේ.
ඔවුන් සමග තවත් 50 කට අඩු ප්‍රමාණයකට එජාප 58 වැනි සමුළුව තහනම් කර ඇතැයි ද තිස්ස අත්තනායක මහතා කීවේය. සමුළුව සාර්ථකව පැවැත්වීමට උපරිම ආකාරයෙන් ක්‍රියා කරන බව ද වැඩිදුරටත් කියා සිටියේය.
Source: Divaina (Sri Lanka)