ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ ජ්‍යෙෂ්ඨයන් හෙවත් ලෝක පූජිත ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ සමුගැනීමේ කාලය මේ වන විට එළැඹ ඇත. එබැවින් ඔස්ටේ්රලියානු ක්‍රිකට් කණ්ඩායමේ නැංගුරමක් බඳු වූ රිකී පොන්ටින් සිය ක්‍රිකට් දිවියෙන් සමුගත්තේය. සචින් ටෙන්ඩුල්කාර් එක්දින පිටියට සමුදුන්නේය. මහේල, සංගක්කාර, ඩිල්ෂාන් සහ සමරවීරද සිය අවසන් ක්‍රිකට් රැල්ලට සහභාගි වෙමින් සිටිති.
“ඔස්ටේ්රලියාවේදී ටෙස්ට් ජයක් ලැබීමට අපේ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන්ට තිබෙන හොඳම අවස්ථාව මේක. ඔස්ටේ්රලියාවේදී ටෙස්ට් ජයක් ලැබීමට හැකි වුවහොත් එය ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන්ට ඉතාමත් හොඳ ජයග්‍රහණයක් වේවි.” යනුවෙන් ශ්‍රී ලංකා හිටපු නායක කුමාර් සංගක්කාර ඔස්ටේ්රලියාවේදී පවසා තිබුණි. ශ්‍රී ලංකා කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨයන් ඔස්ටේ්රලියාවේදී සහභාගි වන අවසන් ටෙස්ට් තරගාවලියද මෙය විය හැකිය. එබැවින් ඔවුන් ජ්‍යෙෂ්ඨයන් බව පෙන්වීමට ඔස්ටේ්රලියාව ඔවුන්ගේ දේශයේදී පරාජය කිරීමට සියලු වික්‍රමයන් දරනු ඇත. එහෙත් පළමු ටෙස්ට් තරගය දැන් නිමාවී ඇත්තේ ඔස්ටේ්රලියාව ඉදිරියේ ශ්‍රී ලංකාව පසු බසිමිනි. මෙම සටහන තබන මොහොත වන විට දෙවැනි ටෙස්ට් තරගයෙන්ද ශ්‍රී ලංකාව පරාජයේ පැත්තට තල්ලු වී සිටියේය.
ඔස්ටේ්රලියාවේදී ටෙස්ට් ක්‍රිකට් ජයග්‍රහණයක් උදෙසා සටන් වදින ශ්‍රී ලංකා ක්‍රිකට් බල ඇණිය පළමු ටෙස්ට් තරගය ලකුණු 137 කින් පරාජයට පත්විය. එම පරාජයත් සමග ඉදිරියේදී සිදු නොවිය යුතු බොහෝ දේ ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ වටහ ගනිමින් බොක්සිං දින ටෙස්ට් තරගයට සහභාගි වනු ඇතැයි අපි අනුමාන කළෙමු. එහෙත් සිදුවූයේ පළමු ටෙස්ට් තරගයටත් වඩා ශ්‍රී ලංකා පිතිකරුවෝ දෙවැනි ටෙස්ට් තරගයේ පළමු ඉනිම නන්නත්තාර වීමය. පාසල් පිතිකරුවන් මෙන් ශ්‍රී ලංකා පිතිකරුවෝ ක්‍රීඩාගාරයට යන විට ඔස්ටේ්‍රලියානුවන් උජාරුවෙන් සිටිනු දැක ගන්නට හැකිවිය.
“බොක්සිං දින ටෙස්ට් තරගය තමයි අපේ වැදගත්ම ටෙස්ට් තරගය. මේ තරගය ජය ගැනීම සදා අමරණීයයි. ශ්‍රී ලංකාව මේ තරගයට හොඳින් අවතීර්ණ වන බව මහේල සහ සංගක්කාර මාධ්‍යට පවසා තිබුණා මම දැක්කා. කොහොමත් මහේල සහ සංගක්කාර ලකුණු අතරට පැමිණියොත් අපිට ඒක ලොකු බලපෑමක් වේවි. ඒ හින්ද අපි හොඳ සැලසුමකින් තමයි මේ තරගයට අවතීර්ණ වන්නේ.” යනුවෙන් ක්ලාක් බොක්සිං දින ටෙස්ට් තරගය ඇරඹීමට පෙර පවසා සිටියේය. එපමණක් නොව ඔහු එම ටෙස්ට් තරගයේදී ශතකයකින් ශ්‍රී ලංකාවට සංග්‍රහ කළේ ශ්‍රී ලංකා පිතිකරුවන්ව ලැඡ්ජාවට පත් කරමිනි.
ඔස්ටේ්රලියාවේදී ශ්‍රී ලංකා පිතිකරුවන්ට මුහුණ දීමට සිදුවන ප්‍රධාන අභියෝගය වේග පන්දුව බව තරගාවලියට පෙරම අනාවැකි පළ වුවද එම අනාවැකිය එපරිදිම සනාථ විය. පළමු ටෙස්ට් තරගයේ පළමු ඉනිමේදී ශ්‍රී ලංකා ප්‍රධාන පිතිකරුවන් වන දිමුත් කරුණාරත්න (14), කුමාර් සංගක්කාර (04), මහේල ජයවර්ධන (12) සහ තිලාන් සමරවීර (07) මුළු ලකුණු 87 ක් වන විට ක්‍රීඩාගාරයට යෑවීමට ඔස්ටේ්රලියානු වේග පන්දුව බලවත් විය. එහෙත් තිලකරත්න ඩිල්ෂාන් (147) සහ ඇන්ජලෝ මැතිව්ස් (75) දියත් කළ සටන්කාමී පිතිහරඹයත් ප්‍රසන්න ජයවර්ධන (40) දුන් සහයෝගයත් මත ශ්‍රී ලංකාව පිට පිටම දෙවැනි වරටත් පන්දුවට පහරදීමේ අවදානමෙන් ගැලවිණි.
දෙවැනි ටෙස්ට් තරගයේ පළමු ඉනිමේදී ශ්‍රී ලංකා පිතිකරුවෝ පළමු තරගයටත් වඩා සටනකින් තොරව දැවී ගියේය. එබැවින් ජයග්‍රහණය සඳහා වැඩි වාසිය ඔස්ටේ්‍රලියානුවන්ගේ කර මතට ඉගිලී ගියේය.
ජයග්‍රහණය උදෙසාම සටන් වදින ඔස්ටේ්රලියාව පළමු ටෙස්ට් තරගයේ මෙන්ම දෙවැනි ටෙස්ට් තරගයේදීද සිය උපක්රමශීලීත්වය කදිමට විදහා දැක්වීමට සමත් විය. ශ්‍රී ලංකා ක්‍රීඩකයන් අතින් එහි අනික් පැත්ත සිදුවිය. පළමු ටෙස්ට් තරගය විසඳුමකින් තොරව නිමා කිරීමට ශ්‍රී ලංකාවට හොඳ හැටි අවස්ථාව තිබුණද එය මගහැරී ගියේ උපක්‍රමශීලී භාවය ක්‍රියාවෙන් කිරීමට නොහැකි වීම හේතුවෙනි.
සෑම තරගයකම ලකුණු ලබා ගනිමින් සාර්ථකත්වයට පැමිණීමටත් සෑම තරගයකම කඩුලු ඩැහැ ගැනීමටත් හැකි රුසියෙක් ක්‍රිකට් ලොව මෙතෙක් බිහිවී නැත. ලෝක ක්‍රිකට් පිටියේ බිහිවූ සුපිරිම පිතිකරුවා වන දොන් බැඩ්මන්ටද සෑම විටම ලකුණු අතර සිටීමට නොහැකි විය. ඔහුගේ අවසන් ටෙස්ට් තරගයේදී ලකුණක් ලබාගත්තේ නම් ටෙස්ට් ඉනිමක සාමාන්‍ය ලකුණු 100 ක් ලෙස සනිටුහන් කිරීමට ඔහුට හැකියාවක් තිබිණි. නමුත් ඔහුගේ අවසන් ටෙස්ට් ඉනිම ලකුණු නොලබා දැවී ගියේය. ඒ ක්‍රිකට්වල අවිනිශ්චිත භාවයයි.
ලෝක ටෙස්ට් ක්‍රිකට් පිටියේ වැඩිම කඩුලු ලාභියා වන මුත්තයියා මුරලිදරන් ටෙස්ට් කඩුලු දහසක් බිඳ දමනු ඇතැයි අනාවැකි පළ විය. නමුත් මුරලි පන්දුවෙන් ‘ෆේල්’ වන්නට පෙර වැඩකාරයකු ලෙස සමුගත්තේය. සිය ටෙස්ට් කඩුලු මල්ලේ 800 වැනි සංධිස්ථානයට කඩුලු අටක් මෙපිටින් සිට ඉන්දියාව සමග අවසන් ටෙස්ට් තරගයට පිවිසි මුරලිදරන්ට 800 වැනි ටෙස්ට් කඩුල්ල ලබා ගැනීමට විශාල වෙහෙසක් දැරීමට සිදුවිය. අවසානයේදී ඔහු වාසනාවන්ත වෙමින් 800 වැනි ටෙස්ට් කඩුල්ල සහ ශ්‍රී ලංකාවට ජයග්‍රාහී කඩුල්ලක් ලබා දෙමින් ටෙස්ට් ක්‍රීඩාවෙන් සමුගත්තේය. එයද ක්‍රිකට්වල හැටිය. බැඩ්මන් සහ මුරලිටද තවදුරටත් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ පෙරළිකාර චරිත වීමට හැකියාවක් තිබිණි. නමුත් ආත්ම විශ්වාසය අනුව ඔවුන් ඥණාන්විතව සිය ක්‍රිකට් දිවියට සමුදුන්නේය.
ඔස්ටේ්රලියාවේ රිකී පොන්ටින්, ෂේන් වෝන් සහ ග්ලෙන් මැක්ග්‍රාත් වැන්නන්ද මෑත ඉතිහාසයේ ගෞරවාන්විත ක්‍රිකට් පිටියට සමුදුන්නේය. දැන් එළැඹ ඇත්තේ සචින් ටෙන්ඩුල්කාර් යුගයයි. ඉන් පසුව මහේල, සංගක්කාර, ඩිල්ෂාන් සහ සමරවීර යුගය එළැඹෙනු ඇත.
ඉන්දියාවද මේ වන විට ටෙස්ට් තරග පරාජයන්
රැල්ලකට හසුව තිබේ. එබැවින් ඉන්දීය ක්‍රිකට් නායකත්වයෙන් මහේන්ද්‍ර සිං ඉවත් කළ යුතු යෑයි හිටපු ඉන්දියානු ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩකයෝ වන සුනිල් ගවස්කාර්, බිෂන් සිං බේඩි සහ ක්රිෂ්නමාචාරී ශ්‍රී කාන්ත් පවසති. නමුත් තවත් ඉන්දියානු ප්‍රවීණයන් පවසන්නේ දෝනිගේ නායකත්වය ගැනීමට සුදුස්සකු ඉන්දියාවේ නැති බවයි. “ටෙන්ඩුල්කාර් සමුගැනීමේ ලැයිස්තුවේ සිටින්නේ. යුවරාඡ්ගේ දක්ෂතා යලට මහට වගේ, විරාත් කෝලිට තව කල් තියෙනවා.’ යනුවෙනි. ඒ අනුව ඉන්දියාව රැක ගැනීම තවත් කල් දෝනි පිටම පැටවෙනු ඇත.
එහෙත්, ඉන්දියාවේ අසල්වැසි ක්‍රිකට් රාජ්‍ය වන ශ්‍රී ලංකාවද දැන් මේ වන විට එවැනිම පටලැවිල්ලකට මුහුණ දී සිටියි. මහේල ඔස්ටේ්රලියානු සංචාරයෙන් පසුව නායකත්වයට සමුදීමට සූදානමින් සිටියි. සංගක්කාර, ඩිල්ෂාන් සහ සමරවීර සමුගැනීමේ ලැයිස්තුවේ සිටිති. එබැවින් නායකත්වය ඇන්ජලෝ මැතිව්ස්ට පිරිනැමෙනු ඇතැයි බොහෝ අනාවැකි පළ වේ. නමුත් මැතිව්ස්ගේ උපනායකයා වන්නේ කවුරුන්ද යන්න ප්‍රශ්නාර්ථයකි. මෙවැනි ප්‍රශ්න හමුවේ ශ්‍රී ලංකාව ඔස්ටේ්රලියාවේදී ටෙස්ට් ජයක් ලැබුවහොත් එය ශ්‍රී ලංකා ඉදිරි ක්‍රිකට් ගමනට ප්‍රසාද දීමනාවක් බඳු වනු ඇත. ඒ සඳහා ශ්‍රී ලංකාවට තවත් ටෙස්ට් තරග දෙකක් ඉතිරිව තිබේ.
ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ සිටින පිතිකරු ලැයිස්තුවේ ප්‍රධාන තුරුම්පු වන මහේල ජයවර්ධන පිති හරඹය දියත් කළ අවසන් ටෙස්ට් ඉනිම් දහය (ඔස්ටේ්රලියා දෙවැනි ටෙස්ට් තරගයට පෙර) තුළදී රැස් කර ඇත්තේ ලකුණු 169 කි. එහි ඉනිමක සාමාන්‍ය 16.9 කි. කුමාර් සංගක්කාර පන්දුවට පහර දුන් අවසන් ටෙස්ට් ඉනිම් දහයේදී ලබා ඇත්තේ ලකුණු 379 කි. එහි සාමාන්‍ය 37.9 කි. තිලකරත්න ඩිල්ෂාන් පන්දුවට පහර දුන් අවසන් ඉනිම් දහයේදී ලකුණු 502 ක් ලබා සාමාන්‍ය 50.2 ක් රඳවාගෙන තිබේ. ශ්‍රී ලංකා ජ්‍යෙෂ්ඨ පිතිකරුවන් අතරින් අවසන් ටෙස්ට් ඉනිම් දහයේදී වැඩිම සාමාන්‍යක් රඳවා ඇත්තේ ඩිල්ෂාන්ය.
තිලාන් සමරවීර පිතිප්රහාරය දියත් කළ අවසන් ටෙස්ට් ඉනිම් දහයේදී ලකුණු 260 ක් ලබා ඇති අතර එහි ඉනිමක සාමාන්‍ය 26.00 කි. ආරම්භක පිතිකරුවකු ලෙස කටයුතු කළ තරංග පරණවිතාන අවසන් ටෙස්ට් ඉනිම් දහයේදී ලකුණු 249 ක් ලබා ඇති අතර එහි සාමාන්‍ය 24.9 කි. කඩුලු රකින ක්‍රීඩක ප්‍රසන්න ජයවර්ධන පන්දුවට පහර දුන් අවසන් ටෙස්ට් ඉනිම් දහයේදී ලකුණු 191 ක් ලබා ඇති අතර එහි ඉනිමක සාමාන්‍ය 19.1 කි.
ඉහත සඳහන් කළ අදාළ දක්ෂතා අනුව ප්‍රසන්න ජයවර්ධණ, තරංග පරණවිතාන සහ තිලාන් සමරවීර වෙනුවෙන් ආදේශකයන් ඉදිරිපත් කිරීමට ශ්‍රී ලංකා තේරීම් කමිටුව දැන් අවස්ථාව ඇත. ඒ ඔස්ටේ්රලියාවේදී නැවත වරක් ඔවුන් අසාර්ථක වුවහොත් පමණි. නමුත් එම ක්‍රීඩකයන් ඉනිම දහයක් අසාර්ථක වන විට බංකුවේ සිටින දිනේෂ් චන්දිමාල් වැන්නන්ට අවස්ථාව නොලැබීම ශ්‍රී ලංකා අනාගත ක්‍රිකට්වල අහේතුවකි. චන්දිමාල් සහභාගි වූ ටෙස්ට් තරග හතරේදී අර්ධ ශතක තුනක් ලබා තිබේ. ඔහුගේ ටෙස්ට් ඉනිමක සාමාන්‍ය 34.57 කි. ඔස්ටේ්රලියානු පළමු ටෙස්ට් තරගයට පෙර පැවැති පුහුණු තරගයේදීද චන්දිමාල් අර්ධ ශතකයක් ලබා ගත්තේය. නමුත් ඔහු තවමත් බංකුවේය.
ජයග්‍රහණයකට තරගකාරීත්වය අනිවාර්ය සාධකයකි. එමෙන්ම ජ්‍යෙෂ්ඨයන් සමුගන්නා විට ආදේශකයන් සකස් කිරීම තේරීම් කමිටුවේ වගකීමකි. ඔස්ටේ්රලියාවේදී දැන් එකක් පරාජය. මීළඟට ජයග්‍රහණයක් අපේක්ෂාවෙන් සියලු සැලසුම් සකස් කරනු ඇත. එහෙත් සුදුස්සාට සුදුසු කල්හි ස්ථානය ලබාදීම සහ නුසුදුස්සා වෙනුවෙන් යමක් කිරීම මගින් ජයග්‍රහණය ලබා ගැනීමට හැකි වනු ඇත. නැතහොත් වර්තමානය සහ අනාගතයද ශ්‍රී ලංකා ක්‍රිකට් ඉදිරියේ කළු පැල්ලමක් සනිටුහන් වනු ඇතැයි අනුමාන කළ හැකිය. දැන් පමා නොවී අනාගතයට සැලසුම් සකස් කිරීමේ කාලය එළැඹ ඇති බව ඔස්ටේ්රලියානු සංචාරය අවසන් වීමට පෙර අපි මතක් කර සිටිමු.
අසේල විතාන
Source: Divaina (Sri Lanka)