ජනාධිපතිවරණයට හා මහා මැතිවරණයට දැඩි බලපෑමක් එල්ල කිරීම සඳහා විදෙස්ගත ඊළාම් ද්‍රවිඩයන් විසින් ශ්‍රී ලංකාවේ ද්විත්ව පුරවැසි බව ලබාගැනීමට දියත් කළ සැලසුම රජය විසින් ව්‍යර්ථ කර ඇත. ඒ අනුව ඊළාම් ද්‍රවිඩයන්ට ද්විත්ව පුරවැසි බව අහෝසි කෙරේ.
ඊළාම් ද්‍රවිඩයන්ට ද්විත්ව පුරවැසි බව දීම ප්‍රතික්ෂේප කරන්නැයි රජය ආගමන විගමන බලධාරීන්ට නියෝග කර තිබේ.
මේ රහස් සැලසුම ගැන අපට හෙළිවුණා අපි ඔවුන්ට කිසිදු ලෙසකින් ද්විත්ව පුරවැසි බව දෙන්නේ නැතැයි ජ්‍යෙෂ්ඨ ආගමන විගමන නිලධාරියෙක් පැවැසීය.
මෙම රහසිගත සැලසුම යටතේ කොටි ඩයස්පෝරාව විසින් විදෙස්ගත ද්‍රවිඩයන් දසලක්ෂයකට ශ්‍රී ලංකාවේ ද්විත්ව පුරවැසි බව ලබාගන්නා ලෙස උපදෙස් දී තිබිණි.
බහුතර පක්ෂ දෙකට ආණ්ඩුවක් පිහිටුවීම සඳහා බලය නොදිය යුතු බවත් ඒ සඳහා විදෙස්ගත ද්‍රවිඩයන් ද්විත්ව පුරවැසි බව ලබා එය ව්‍යර්ථ කළ යුතු බවටත් කොටි ඩයස්පෝරාවේ පැවැති සාකච්ඡාවකදී ප්‍රකාශ වී ඇත. මෙම සැලසුමේ අරමුණ වූයේ උතුරු ප්‍රදේශයෙන් හමුදාව ඉවත් කරලීම සඳහා රජයට බලපෑම් කිරීමයි.(කීර්ති වර්ණකුලසූරිය)
Source: Divaina (Sri Lanka)