කොටි ඩයස්පෝරාව බරපතළ අර්බුදයකට ලක්කරමින් පකිස්තානය අද (3 දා) එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ සභාපති ධුරය භාර ගන්නා බව ආරංචි මාර්ග පවසයි.
මේ බව ඇමරිකාවේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත කාර්යාල ආරංචි මාර්ග හෙළි කළේය.
එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ සභාපති ලෙස තානාපති මයුද් කාන් අද වැඩ භාර ගනී.මෙම ධුරය වසර 2 කට බලපැවැත්වේ. පසුගිය කාලය තුළ ශ්‍රී ලංකාවට එරෙහිව ඇතැම් බටහිර රටවල් ආරක්ෂක මණ්ඩලය වෙත යෝජනාවන්ද ගෙන ඒමට උත්සාහ කර තබිණි. පකිස්තානය එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයට පත්වීම කොටි සංවිධානයේ බරපතළ පරාජයක් යෑයි ආරංචි මාර්ග කියා සිටී.
ශ්‍රී ලංකාවට එරෙහිව එල්ලවූ චෝදනාවලදී පකිස්තානය ශ්‍රී ලංකාව වෙනුවෙන් හඬ නැගීමට ඉදිරිපත් වී තිබේ. (කීර්ති වර්ණකුලසූරිය)
Source: Divaina (Sri Lanka)