ශිරාණි අගවිනිසුරු පුටුවට ඔසවා තැබුයේ ඇගේ සුදුසුකම නිසා මිස හිතවත් බව නිසා නොවේ. කාන්තාවක මෙවන් පුටුවක වාඩි වී සිටීම පුරුෂාධිපත්යකාමී ඇතැම් පිරිමිනට බොහෝ රිදවීමක් වන්නට ඇත. එහෙත් අපට දැනෙන ලෙස ඇය තම රාජකාරිය ගෞරවනීය ලෙස ඉටුකළාය. සරත් එන්. ද සිල්වා යුගයේ මෙන් පාලකයනට තරු පෙනෙන නඩු තීන්දු දෙමින් විධායකයට අභියෝගයක් වන ලෙස හැසිරුණු ආකාරයක් අපට පෙනුණේ නැත. දහඅට වැනි ව්‍යවස්ථා සංශෝධනයේදී බාධා නොපමුණුවා එය අනුමත කළාය. දිවිනැඟුම පනතේ ඇතැම් වගන්ති සංශෝධනය කරන්නට නියෝග කළා විනා ප්‍රතික්ෂේප කළේ නැත. ඒ ශ්රේaෂ්ඨාධිකරණයේ කාර්යභාරයයි.
ඉන්දියාවේ බස් රථයක දූෂණය කොට මරා දැමූ වෛද්‍ය ශිෂ්‍යාව මාධ්‍ය විසින් හඳුන්වනු ලැබුයේ නිර්භයා නොහොත් ශ්‍රේෂ්ඨ ඉන්දීය දියණිය ලෙසය. තලේබාන් වෙඩි පහරකින් තුවාල ලද පකිස්තාන් පාසල් ශිෂ්‍යාව එරට මාධ්‍ය හැඳින්වූයේ ශ්‍රේෂ්ඨ පාකිස්තානු දියණිය ලෙසය. කාන්තා හිංසනයට එරෙහිව මුළු ලොවම නැඟී සිටියදී ලංකාව නිහඬව සිටීම ඉවසීමේ ගුණය ප්‍රකට කිරීමක් නොව නිවටකමේ ලක්ෂණයකැයි මට සිතේ. 1971 වසරේ මරා දැමුණු කතරගම රූපසුන්දරියගේ සිට නොමරා මරා දැමුණු ශිරාණි බණ්ඩාරනායක දක්වා මෑත යුගයේ කාන්තා හිංසනය හිස එසවූ අවස්ථා මොන තරම්ද?
කාන්තා හිංසනය මුළුමනින්ම පිටුදකින බුදුසමය බ්‍රාහ්මණ යුගයෙහි වහලියකටත් පහතට හෙළා තිබූ කාන්තාවගේ තත්ත්වය බ්‍රහ්ම දක්වා ඔසවා තැබීය. නැතහොත් බුද්ධත්වයට ආරෝපණය කළේය. පිරිමියා ලද විමුක්තිදායක නිවීම ඇයටත් ලබන්නට දොරටු විවර කළේය. අග්‍රශ්‍රාවක මෙන්ම අග්‍රශ්‍රාවිකාවන් ද හඳුන්වා දුන්නේය. මහාප්රඥාලාභී භික්ෂූන් මෙන්ම මහාප්රඥලාභී භිaක්ෂුණීන් ද හඳුන්වා දුන්නේය. අසූමහා ශ්‍රාවකයන් මෙන්ම ශ්‍රාවිකාවන් ද පත්කොට වදාළේය. කවර තැනකදී හෝ කාන්තාවට දෙවැනියා වන්නට ඉඩකඩ තැබුවේ නැත.
ධර්මාශෝක රජතුමා තම පුතු මිහිඳු පමණක් නොව තම දුව සංඝමිත්තා ද ලංකාවට එවීය. ස්ත්‍රී පුරුෂ දෙපාර්ශ්වයටම ආලෝකයට දොරටු විවර කළේය. පොලොන්නරු කාලයේම කාන්තාවට රැජනක් වන්නට බුදුසමයෙන් අවකාශ සැලසුණේය. රටේ රජකම ලබන්නට සියලු කතුනට නොහැකි වුවත් ගෙදර රැජනන් බවට සියලු කතුන්ට පත්වන්නට හැකිවන බෞද්ධ සමාජ දර්ශනයක් හඳුන්වා දුන්නේය. රටේ ඉතිහාසයෙන් අඩක් හිමිවන්නේ කාන්තා දායකත්වයටය. ඒ බව සනාථ කරන්නට සාක්ෂි නොමැත. එහෙත් හැම සාර්ථක පිරිමියකුගේම පිටුපස කාන්තාවගේ යහපත් මඟපෙන්වීම කළමනාකරණය හා ධෛර්යය පැවතුණු බව වසන් කළ නොහැකි සත්‍යයකි. “දුවේ නුඹ මගෙ ප්‍රාණයයි. සනුහරේ අභිමානයයි” යනුවෙන් බණ්ඩාර ඇහැලියගොඩයන් ලියා සුනිල් එදිරිසිංහයන් ගයන ගීතයෙහි ඇතුළත් වන්නේ එම සත්‍යයම යෑයි මට සිතේ.
බුදුහිමියන් වඡ්ජි රාජ්‍යයේ පාලකයන්ට හඳුන්වා දුන් අපරිහානී ධර්ම අතුරෙන් එකක් වන්නේ කාන්තාව සුරක්ෂිත කළ යුතු බවයි. පිරිමියා සුරක්ෂිත කරන්නට බුදුහිමියන් නියම කළේ නැත. සුරක්ෂිත කරවීම යනු සිරගත කරවීම නොවේ. ආත්ම ගෞරවය සුරැකෙන ලෙස අභිමානයෙන් ජීවත්වීමට අවශ්‍ය සමාජ වටාපිටාව පාලකයන් විසින් කාන්තාවට ලබාදිය යුතු බවයි. අපේ රටේ කාන්තාව එම ගෞරවය උතුම් ලෙස විඳින්නට භාග්‍යය ලද්දොa වූහ. ජෙරමියෙස් දියෙස් මාරි මියුසියස් වැන්නන් විශාඛා, මියුසියස් පාසල් අරඹා කළේ එම බෞද්ධ ඉගැන්වීම භාවිතයක් බවට පත්කරලීමකි. ඉන්දියාවේ සිටි ශ්‍රේෂ්ඨ වියතකු වන ආචාර්ය සර්වපල්ලි රාධක්‍රිෂ්ණන් කීවේ රටක කාන්තාව නූගත් නම් එම රටේ පරිහානිය වැළැක්විය නොහැකි බවයි. ඒ අනුව අපේ රටේ කාන්තාවට නූගත් වන්නට කිසිදු මං පෙතක් නැත. උගත්කමින් පිරිමියා අභිබවා යන්නට තරම් ලංකාවේ කාන්තා අධ්‍යාපනය පොහොසත් වී තිබෙයි.
මේ පසුබිම මා ඉදිරිපත් කළේ අගවිනිසුරුවරියව සිටි ශිරාණි බණ්ඩාරනායකට කළ දේ මාගේ හෘද සාක්ෂිය අනුව ඉතා සාහසික අපරාධයක් බව පෙන්වා දීමටයි. අධිකරණයේ මුල් පුටුවට ශිරාණි බණ්ඩාරනායක පැමිණෙන්නේ දේශපාලන හස්තයන්ගේ බලපෑම මත නොවේ. “පනස් හයේ දරුවන්” යෑයි ප්රලාපයක් ගොතා පිරිසක් පුම්බන්නට ආචාර්ය නලින් ද සිල්වා වැනි අය උත්සාහ ගන්නා යුගයක ශිරාණි “කන්නන්ගර දියණියක” ලෙස හැඳින්වීම යුක්ති සහගතය. හේතුව ඇය කන්නන්ගර ශ්‍රීමතාණන් උරුම කළ නිදහස් අධ්‍යාපනයෙන් බිහි කළ දියණියකි. නැතහොත් මධ්‍ය විද්‍යාල දියණියකි.
ශිරාණි නියෝජනය කරන මෙම පරපුර මේ රටේ සුවිශේෂී පරපුරක කොටස්කරුවෝය. දේශපාලනඥයන්ගේ අදූරදර්ශී බව තුළ වත්මනෙහි ලංකාවේ ගොඩනඟා තිබෙන සැමට අසමාන අධ්‍යාපන ක්‍රමය තුළින් බිහිවෙන පුස්සන්, හිස් මිනිසුන් නැතහොත් ජාතික පාසල්වල අවජාතක දරුවන්ගේ තත්ත්වයට ශිරාණිගේ පරපුර පත්වූයේ නැත. හෙට දවසේ ලංකාවේ අනාගතයෙහි ඉහළ පුටු පුරවන්නට ජාතික පාසල්වලින් බිහි වූ අවජාතක දරුවන් නැතහොත් අන්තර් ජාතික පාසල්වලින් බිහි වූ අසංස්කෘතිකයන් අතරේ ඈත ගැමි පාසලක දියණියකට, පුතෙකුට කිසිදා ඒ අසලකට හෝ ළං විය හැකි වේද? එහෙත් තෝලංගමුව, අනුරාධපුර මධ්‍ය විද්‍යාලවල ශිල්පය ලද ශිරාණි කොළඹ සරසවියේ නීති පීඨාධිපතිනිය වී ශ්රේaෂ්ඨාධිකරණ විනිසුරු වී අගවිනිසුරු ද වූවාය. මේ ගමනේදී ඇයට එකම ශක්තිය වූයේ තමා ලද නිදහස් අධ්‍යාපනයේ අභිමානය හැර අන් කිසිවක් නොවේ. නීතිය ඉගෙනගත්, නීතිය ඉගැන්වූ කොළඹ සරසවියට ශිරාණි ආභරණයක්ම වූවාය.
ශිරාණි අගවිනිසුරු පුටුවට ඔසවා තැබුයේ ඇගේ සුදුසුකම නිසා මිස හිතවත් බව නිසා නොවේ. කාන්තාවක මෙවන් පුටුවක වාඩි වී සිටීම පුරුෂාධිපත්යකාමී ඇතැම් පිරිමිනට බොහෝ රිදවීමක් වන්නට ඇත. එහෙත් අපට දැනෙන ලෙස ඇය තම රාජකාරිය ගෞරවනීය ලෙස ඉටුකළාය. සරත් එන්. ද සිල්වා යුගයේ මෙන් පාලකයනට තරු පෙනෙන නඩු තීන්දු දෙමින් විධායකයට අභියෝගයක් වන ලෙස හැසිරුණු ආකාරයක් අපට පෙනුණේ නැත. දහඅට වැනි ව්‍යවස්ථා සංශෝධනයේදී බාධා නොපමුණුවා එය අනුමත කළාය. දිවිනැඟුම පනතේ ඇතැම් වගන්ති සංශෝධනය කරන්නට නියෝග කළා විනා ප්‍රතික්ෂේප කළේ නැත. ඒ ශ්රේaෂ්ඨාධිකරණයේ කාර්යභාරයයි.
කෙසේ වෙතත් හදිසියේ හෙණයක් පාත්වන්නා සේ කඩිමුඩියේ සැකසුණු දෝෂාභියෝගයක් පාර්ලිමේන්තුවට පැමිණේ. දාහත්වැනි, දහඅටවැනි ව්‍යවස්ථා සංශෝධන ගෙන ආවේ ද මේ කඩිමුඩි න්‍යාය අනුවමය. වෙනත් වැදගත් ප්‍රශ්නයකදී උදාසීනව කර හරින ආණ්ඩුවේ ඇතැම්හු මෙවැනි අවස්ථාවලදී හරිම කාර්යශූරයෝ වෙති. විශ්වවිද්‍යාල ආචාර්යවරුන් තෙමාසයක් වැඩ වරා සිටියදී විසඳන්නට කිසිදු මැති ඇමැතිවරයකුට කඩිමුඩියක් තිබුණේ නැත. මේ කඩිමුඩි න්‍යාය පදනම් කොට ශිරාණිට එරෙහිව ගෙනා දෝෂාභියෝග යෝජනාව මාස දෙකක් යන්නටත් ප්‍රථම සම්මත කොට ශිරාණි ගෙදර යවන්නට මැති ඇමැතිවරු කාර්යක්ෂම වූහ.
ශිරාණිගේ රාජකාරියෙහි ගැටලු අඩු ලුහුඬුතා පවතින්නට ඇත. ඒවා විමසා බලා තීන්දු දුන් මැති ඇමැතිවරුන් සර්ව සම්පූර්ණ නිවැරැදි පුද්ගලයන් වූයේ නැත. රුපියල් බිලියන ගණනාවක් පිළිබඳ දූෂණයකට හසුවී අල්ලස් කොමිසමට ලද පැමිණිල්ලක් විභාග කරන්නට එක්තරා ඇමැතිවරයකු වෙත කොමිසමට දන්වා යෑවූ විට ඔහුට ගෝනුස්සෙක් දෂ්ට කළේය. විභාගයට ආවේ නැත. අල්ලස් කොමිසම එතැනින්ම නිහඬ වූ අයුරු කලකට පෙර වාර්තා විය. මෙවැනි දූෂිතයන් ශිරාණිට ගෙදර යවන්නට අත ඔසවන්නේ කවර යුක්ති මූලධර්මයක් පදනම් කොටගෙනද?
මාසයක් පුරා මේ රටේ මැති ඇමැතිවරුනට වෙනත් වැඩක් තිබුණේ නැත. පාර්ලිමේන්තුව පුරාත්, මාධ්‍ය සාකච්ඡාත් ඔස්සේ කළේ කාන්තාවක් ඉවර කර දැමීමය. වාචාල කටවල් ඇති මැති ඇමැතින්ගේ පුහු තර්ක දෙස බුද්ධිමත් ජනයා බලා සිටියේ පිළිකුලෙනි. අලුත්කඩේ සහ පාර්ලිමේන්තු වටරවුමට ගෙන්වා ශිරාණිට අපහාස උපහාස කළ මැති ඇමැතින්ගේ ගෝලබාලයන් එක්තරා මාධ්‍යයක් හඳුන්වා දුන්නේ “මාළුපාන් බළකාය” ලෙසයි. මෙම බළකායේ නිවටුන් ශිරාණි ගෙදර ගියදා කිරිබත් කැවුම් උයා කමින් ප්‍රදර්ශනය කළේ රටේ ජාතියේ සංස්කෘතියේ පිරිහීමයි. පිරිසක් වට වී කාන්තාවකට පහර දී විනාශ කිරීමෙන් මෙවන් සතුටක් ලැබිය හැක්කේ ම්ලේච්ඡ මානසිකත්වයක් ඇති අයට පමණි.
රාජ්‍ය රූපවාහිනි නාලිකා මෙන්ම ඇතැම් පෞද්ගලික රූපවාහිනි නාලිකා ද රාජ්‍ය ගුවන් විදුලිය ද අතොරක් නැතිවම ශිරාණිට පහර පිට පහර එල්ල කළේය. ප්රවෘත්ති නැරඹීම ඇසීම පවා පිළිකුල් විය. එහෙත් ඇතැම් මාධ්‍ය නිර්භයව ශිරාණි වෙනුවෙන් පෙනී සිටීම පිළිබඳව ප්‍රශංසා කළ යුතුය.
අවසානයේ සටන කෙළවර ශිරාණි දහසය වසරක ජනතා මෙහෙවර අවසන් කොට නිවසට ගියාය. එකදු කාන්තා හඬක් ශිරාණි වෙනුවෙන් නැඟුණේ නැත. ඉන්දියාවේ, පකිස්තානයේ කාන්තා හිංසනයට එරෙහිව නැඟුණු හඬ මුළු ලෝකයේම මාධ්‍ය සසල කළේය. එහෙත් අපේ රටේ කාන්තාවෝ නවගුණවැල් ගණින්නෝ වෙති. ඔවුහු ඉවසති. එසේ නොවන්නේ නම් මෙරට වීදියක් වීදියක් පුරා කාන්තා හිංසනයට එරෙහිව කාන්තා හඬ අවදි විය යුතු කාලයක් උදා වී ඇති බව පෙනේ.
අවසාන වශයෙන් අප ශිරාණි වෙනුවෙන් බලාපොරොත්තු වන්නේ දේශපාලනයේ ගැත්තෙක් නොවී සත්‍යය ජයගන්නා තුරු ඉවසීමෙන් බලා සිටින ලෙසයි.
පූජ්‍ය අගලකඩ සිරිසුමන හිමි
අංශ ප්‍රධාන, සිංහල අංශය
කොළඹ විශ්වවිද්‍යාලය
Source: Divaina (Sri Lanka)