ජිනීවා මානව හිමිකම් සමුළුව ආරම්භ වීමට පෙර උතුරේ හමුදා කඳවුරු ඉවත් කිරීම සහ පොලිස් බලතල ලබාදෙන ලෙස ද්‍රවිඩ සන්ධානය කළ ඉල්ලීම රජය ප්‍රතික්ෂේප කර ඇත.
මෙම ඉල්ලීම ඇතුළු උතුරේ බලය තමන්ට හිමිකර ගැනීමට දායක වන තවත් කරුණු 3 ක් ඉටුකළ යුතු බව ද ද්‍රවිඩ සන්ධානය විසින් දන්වා තිබේ.
එහෙත් රජය එම බෙදුම්වාදී ඉල්ලීම් ඉවත දැමීම නිසා රජයට එරෙහිව දැඩි පියවර ගන්නැයි ද්‍රවිඩ සන්ධානය විසින් මානව හිමිකම් කොමසාරිස්වරියගෙන් ඉල්ලා ඇත.
ද්‍රවිඩ සන්ධානයේ ඉල්ලීම් ඇතුළත් වාර්තාවක් මානව හිමිකම් සමුළුවට සහභාගි වන රාජ්‍ය නොවන සංවිධානයක් ලවා යොමුකිරීමට ද ද්‍රවිඩ සන්ධානය ක්‍රියාකරන බව ආරංචි මාර්ග පවසයි.
ද්‍රවිඩ සන්ධානය මෙයට පෙර ඉල්ලීම් 41 ක් ජනාධිපතිවරයා වෙත යොමුකර තිබිණි. ඉන් මූල්‍ය, ධීවර, ප්‍රවාහන විදේශ අරමුදල් වානිජ සම්පත් ඇතුළු වෙනත් අංශවල පාලනය ඉල්ලා තිබේ. (කීර්ති වර්ණකුලසූරිය)
Source: Divaina (Sri Lanka)