ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඇමරිකානු ඩොලර් බිලියනයක තවත් ණය මුදලක් ලබා ගැනීම සඳහා මෙරට ආර්ථික බලධාරීන් එම අරමුදල සමග පැවැත්වූ සාකච්ඡා අසාර්ථක වී ඇති අතර අයවැය හිඟය පියවා ගැනීම සඳහා සෘජුව හෝ වක්‍රව ණය ලබාදීමේ හැකියාවක් නොමැති බව එම අරමුදල දැනුම්දී ඇතැයිද වාර්තාවේ.
මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුවේ ආර්ථික පර්යේෂණ දෙපාර්තමේන්තුව ඊයේ (12) ප්‍රකාශ කළේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග නව ණය වැඩසටහනකට ඇතුළත් නොවීමට ශ්‍රී ලංකා බලධාරීන් තීරණය කර ඇති බවයි.
එහෙත් සාමාජික රටක් වශයෙන් එම අරමුදල සමග පවතින ස්ථාවර උපදේශාත්මක වැඩපිළිවෙල යටතේ ඉදිරියටත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සමීප සබඳතාවක් පවත්වා ගන්නා බවද මහ බැංකුව පවසයි.(ශ්‍යාම් නුවන් ගනේවත්ත)
Source: Divaina (Sri Lanka)