Home » News »

“හලාල් අවුලෙන් මුස්‌ලිම් ජනතාවට හිරිහැර කිරීම වැරදියි” – රනිල් වික්‍රමසිංහ

 

“හලාල් ගැන මුස්‌ලිම් ජනතාව අතරත් තනි මතයක්‌ නොමැති බවත් හලාල් ප්‍රශ්නය මත මුස්‌ලිම් ජනතාවට හිරිහැර කිරීම වැරදි බවත් එක්‌සත් ජාතික පක්‍ෂ නායක සහ විපක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (27 දා) පැවැසීය.

මෙම හලාල් ප්‍රශ්නයේදී මුස්‌ලිම් ජනතාවගේ ආරක්‍ෂාව සම්බන්ධව රජය යම් පියවරයන් ගෙන තිබුණද ඒ පිළිබඳව සියයට සියයක්‌ම සෑහීමකට පත්විය නොහැකි යෑයි ඊයේ (27 දා) සිරිකොත එජාප මූලස්‌ථානයේදී පැවැති මාධ්‍ය හමුවකදී රනිල් වික්‍රමසිංහ මහතා කියා සිටියේය.

දඹුල්ලේ පිහිටි මුස්‌ලිම් පල්ලිය ඉවත් කිරීම සම්බන්ධයෙන් ඇතිවූ මුස්‌ලිම් විරෝධයට රජය නිසි ආකාරයෙන් ක්‍රියාත්මක නොවීම මත මෙම ප්‍රශ්නය දිගින් දිගටම ඇදී ආ බව පැවසූ රනිල් වික්‍රමසිංහ මහතා මුස්‌ලිම් ජනතාවගේ ආරක්‍ෂාව පිළිබඳ ඇතිවී ඇති ප්‍රශ්න ගැන සෙවීමට පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් මහතාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක්‌ පත් කළ බවද වැඩිදුරටත් කියා සිටියේය.

Source: Divaina (Sri Lanka)