ඉන්දියාව යනු චෙන්නායි හෝ තමිල්නාඩුව නොවන බවත් දේශපාලනය නිසා ක්‍රීඩාවට හානියක්, බාධාවක් සිදු නොවිය යුතු බවත් ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක කුමාර් සංගක්කාර පවසා ඇත.
ඔහු අයිපීඑල් තරගාවලියේ සන්රයිස් හයිද්‍රාබාද් කණ්ඩායමේ නායකයා වශයෙන් කටයුතු කරන අතරතුර ඉන්දීය මාධ්‍ය හමුවේ ඉහත අදහස් දක්වා ඇත.
තමන් අයිපීඑල් සඳහා පැමිණියේ ශ්‍රී ලංකාව නියෝජනය කිරීමට බවත් මේ ඇතිව තිබෙන ප්රශ්නය රාජ්‍යයක් හා තවත් රාජ්‍යයක් අතර ප්‍රශ්නයක් නොවන බවත් හෙතෙම ප්‍රකාශ කර ඇත.
චෙන්නායිවල ක්‍රීඩා කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයද අවසර දී නැති බව ප්‍රකාශ කළ සංගක්කාර ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන්ට පනවා ඇති තහනම පිළිබඳ සමස්ත තමිල්නාඩුවම අනුමත කරන්නේද යන්නත් සොයාබැලිය යුතු බව ප්‍රකාශ කළේය.(චතුර පමුණුව)
Source: Divaina (Sri Lanka)
